SLBO Home About Us | To Advertise | Contact Us
Mon, 26 Jun 2017   19:33:40
යහපාලන ණය'ගුල:
27 Sep 2016 22:15:28
ණය උගුලට අසු වූ සංවර්ධනය


Sep 27, 2016 (SLBO) - යහපාලන රජය බලයට පත් වූ දා සිට පසුගිය රජයට එරෙහිව කරනු ලබන මූලික චෝදනාවක් වන්නේ පසුගිය රජය රට ණය උගුලකට ඇද දමා ඇති බවයි. මෙම චෝදනාව ජනාධිපති සිරිසේන මහතා විසින් පුන පුනා ප‍්‍රකාශ කරන අතර, අගමැති රනිල්ද මුදල් ඇමති රවී කරුණානායක මහතුන්ද වරින් වර මේ ප‍්‍රකාශයම කර ඇත. මෙම චෝදනාෙවී සත්‍ය අසත්‍යතාවය පිළිබඳව රටේ ජනතාවට කරුණු දැනගැනීමෙී මූලික අයිතියක් ඇත. රජයක සමස්ථ ණය ගැනීම දේශීය හා විදේශීය මූලාශ‍්‍රවලින් සංයුක්ත වේ. මෙහිදී විදේශීය මූලාශ‍්‍රවලින් ගනු ලබන ණය ඉතා තීරණාත්මකය. විදේශීය මූලාශ‍්‍ර වලින් ගණු ලබන ණය පියවා ගැනීමට අපොහොසත් වුවහොත් ඒ රට බංකොලොත් අසමත් රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරය පිළිගනු ඇත.

2015 විට රටේ මුළු ණය ප‍්‍රමාණයෙන් සියයට 55 ක් විදේශීය මූලාශ‍්‍රවලින් ලබාගෙන ඇත. 2004 අවසානයේදී පැවැති රජයට ගෙවීමට තිබූ මුළු විදේශීය ණය ප‍්‍රමාණයේ එකතුව ඩොලර් මිලියන 9844 කි. එය 2014 අවසාන වන විට ඩොලර් මිලියන 24132 දක්වා වර්ධනය වි තිබිනි. මේ අනුව පසුගිය වසර 10 ක කාලය තුල විදේශිය ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 14268 කින් වැඩි වී තිබිණි.

රට සංවර්ධනය කිරීමට දේශීය ඉතිරිකිරීමි ප‍්‍රමාණවත් නොවීම නිසාත් සංවර්ධන ව්‍යාපෘති සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප‍්‍රාග්ධනය, තාක්ෂණ ඥාණය, පිටරටින් ගෙන්වීමට විදේශ විනිමය වැය කිරීමට සිදුවන නිසාත් රජයට විදේශීය මුලාශ‍්‍රවලින් ණය ගැනීමට සිදුවීම අනිවාර්ය විය.

2005-2014 දක්වා වසර 10 ක කාලය තුල රජය රටේ සංවර්ධන ව්‍යාපෘති සදහා ඩොලර් මිලියන 12396ක විදේශීය ණය ලබාගෙන තිබින. මෙසේ විදේශීය ණය ගනු ලැබූ නව ව්‍යාපෘති සංඛ්‍යාව දහස් ගණනකි. එයින් ඇතැමි ව්‍යාපෘති බොහොමයක් 2014 වන විට නිමකර ජනතා අයිතියට පත්කරන ලදී. තවත් සමහර ව්‍යාපෘතීන් 2014 වන විට නිමකල ද තවම ජනතා අයිතියට පත් කර නැත. ජනාධිපති සිරිසේන මහතා අද උත්සවශ‍්‍රීයෙන් විවෘත කරනු ලබන්නේ මෙලෙස පසුගිය රජය නිමකල එම ව්‍යාපෘතීන්ය. සමහර ව්‍යාපෘති තවම නිම වී නැත. උමාඔය, මොරගහකන්ද, වැනි විශාල ව්‍යාපෘති මේ අතර වේ.

පසුගිය රජය විසින් විදේශීය ණය ලබා නිමකර, ජනතා අයිතියට පත්කල ප‍්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පමණක් මෙහි සදහන් කරමු. ඒ සදහා වැය වූ විදේශ විනිමය ආසන්න වශයෙන් මෙසේය.



ඉහත සදහන් කල ව්‍යාපෘතීන් සදහා පමණක් වැය කල විදේශීය ණය ප‍්‍රමාණය ඩො. මි. 7116 කි. මෙම ව්‍යාපෘති වලට අමතරව ජනතාව අතට පත් කල අනෙකුත් ව්‍යාපෘති සදහා වැය කල මුළු විදේශීය ණය ඩො. මි 2000 ක් පමණ වේ. මෙම ව්‍යාපෘති අතර, රජයේ නිවාස, රජයේ රෝහල්, පාසැල්, රාජ්‍ය ආයතන ගොඩනැගිලි වැනි ව්‍යාපෘතීන් ප‍්‍රධාන තැනක් ගනී. තවද ජනතා අයිතියට පත් නොකල සහ නිම නොවු ව්‍යාපෘතීන් සදහා මෙතෙක් වැය කල විදේශීය ණය ප‍්‍රමාණය ඩො.මි 3000 ක් පමණ වනු ඇත. මේ අනුව වසර 10 ක කාලයක් තුල පැවැති රජය සංවර්ධන ව්‍යාපෘතීන් සදහා පමණක් ඩො.මි. 12500 කට ආසන්න විදේශ ණය ප‍්‍රමාණයක් වැය කර ඇත. තවද, මහින්ද රාජපක්ෂ රජය පසුගිය රජයන් විසින් පුද්ගලීකරණය කල රාජ්‍ය ආයතන වූ ශී‍්‍ර ලංකන් එයාර්ලයින්, රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්ස් හා ගෑස් සමාගම රාජ්‍ය අයිතියට පත්කරන ලදී.

ණය වාරික ගෙවීෙමීදී ණය සදහා පොලී ගෙවීමට අලූතින් විදේශීය විනිමය උපයා ගත යුතුය. පසුගිය රජය මෙම ණය සදහා පොලී ගෙවීම අපහසුතාවයකින් තොරව කරගෙන යන ලදී. 2005 -2014 වසර 10 තුල රජය විදේශීය ණය සදහා පොලී ගෙවීමට පමණක් ඩො.මි. 6195 ක විදේශ විනිමය ප‍්‍රමාණයක් වැය කර ඇත.

ඉදිරියේදී ව්‍යාපෘති සදහා ප‍්‍රයෝජනයට ගැනීමට ඇති රටට ලැබු විදේශීය ණය සෘජුවම රටේ නිල විදේශීය සංචිතයට එකතුවේ. 2004 වන විට රටේ නිල විදේශ සංචිතය වුයේ ඩො.මි 2195.8 කි. 2014 අවසානය වන විට රටේ නිල විදේශ සංචිතය ඩො.මි. 8208.4 කි. ඒ අනුව නිල විදේශ සංචිතයේ ශුද්ධ වැඩිවීම ඩො.මි 6012.6 කි. මේ අනුව පසුගිය රජය විදේශ වත්කමි ඩො.බි. 6 කින් වැඩිකර ගෙන ඇත. මෙම විදේශ සංචිත වැඩිවීම තුල රජය විසින් ව්‍යාපෘති සදහා ගනු ලැබු එහෙත් එතෙක් ඒ සදහා ආයෝජනය නොකල විදේශීය ණයවල ඉතිරියද මෙම විදේශ සංචිතයේ අඩංගු විය.

අද රජය රට ණය උගුලකට හසු වී ඇතැයි ප‍්‍රකාශ කරන්නේ ගනු ලැබූ විදේශය ණය සහ පොලී ආපසු ගෙවීමට රජයට විදේශ විනිමය නොමැති බැවිනි. රජයක් ගනු ලැබූ විදේශ්‍ය ණය ඇතැමි විට අවුරුදු 30 ක් 40 ක් පමණ කාලයට ගනු ලැබූ දීර්ඝ කාලීන ණය වේ. මේ අනුව පසුගිය රජය විසින් ආපසු ගෙවනු ලැබුෙවී 1977 කාලයට පසු ගනු ලැබූ මහවැලි සංවර්ධණ ව්‍යාපෘතීන්, රටේ ජනතාවට ඇමරිකන් පිටි කැවීමට ලබාදුන් පීඑල් 480 වැනි ව්‍යාපෘතිවල ණය සහ පොලිය ගෙවීමද ඇතුලත්ය. පෙර පැවති රජයන් විසින් ගනු ලැබු ණය ආපසු ගෙවීම පවතින රජයක වගකීමකි. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය වසර 10 ක් තුල වාරික 120 ක් මෙම ණය ගෙවීම කිසිදු මැසිවිල්ලකින් තොරව ගෙවා ඇත. ඒත් සිිරිසේන ජනාධිපතිවරයාට ගෙවීමට ඇත්තේ උපරිම වශයෙන් වාරික 60 කි. ඔහුත් ඔහුගේ ඇමතිවරනුත් එම වගකීම ඉටුකරනු වෙනුවට මැසිවිලි නගමින් සිටී.

ණය උගුල හැදුෙවී මහින්ද ද? සිරිසේන ද?

පසුගිය රජය විසින් ගනු ලැබු විදේශිය ණය අපහසුතාවයකින් තොරව ගෙවීමට හැකි වුයේ පසුගිය වසර 10 තුල පැවැති අඛණ්ඩ ආර්ථික වර්ධනය, විදේශීය ආයෝජකයින් තුල ආර්ථිකය පිළිබඳ පැවැති විශ්වසනීයත්වය, විදේශ අංශය සම්බන්ධව ගනු ලැබු ප‍්‍රායෝගික ප‍්‍රතිපත්තිමය ක‍්‍රීයාදාමයන්ය. පසුගිය රජය මෙම විදේශීය ණය ගෙවීම සිදුකලේ මුල් අවුරුදු 05 තුල පැවැති යුධමය වාතාවරණයක් තුලය. රජයට යුද්ධෝපකරණ මිළදී ගැනීමට විශාල විදේශ විනිමයක් වැය කිරීමට සිදුවිය. රට දරුණු යුධමය තත්වයකට මුහුණ දී තිබියදී වුවද, විදේශීය ණය ආපසු ගෙවීමට ඇති හැකියාව ප‍්‍රශංසනීය ලෙස වැඩිකර ගන්නා ලදී. රටක් සම්බන්ධයෙන් ණය ගෙවීෙමී හැකියාව මූලික වශයෙන් මනිනු ලබන්නේ දළ දේශීය නිශ්පාදනයට සාපේක්ෂව ගනු ලබන ණය ප‍්‍රමාණ අනුපාතයයි. 2004 වන විට එම අනුපාතය 102.3 ක් විය. 2014 වන විට මෙම අනුපාතය 70.7 දක්වා කැපී පෙනෙන ලෙස අඩුවිය. එහෙත් මෙම වාසි දායක තත්ත්වය වර්ෂයක් තුලදී එනම් 2015 දී සියයට 76 දක්වා නැවතත් පිරිහිනි.

මෙම රජය පසුගිය වසර තුල පමණක් රුපියල් බිලියන 1112 ක් අලූතෙන් ණය ගෙන ඇත. මේ පිළිබඳ ජනතාවගේ චෝදනාව වන්නේ එහෙත් ඇසට පෙනෙන සංවර්ධනයක් නැත යන්නය. 2015 දී රජය දිනකට රුපියල් බිලියන 3 ක ණය ගෙන ඇත. එය පැයකට මිලියන 127 කි. එය විනාඩියකට නම් ලක්ෂ 21 කි. පසුගිය වසර තුල පමණක් රටේ එක් පුද්ගලයෙකුගේ ණය බර රුපියල් 53600 කින් වැඩිවිය.

රටේ මුල්‍ය හා ආදායමි බදු ප‍්‍රතිපත්තිවල පැවැති දුර්වල කළමණාකරනය නිසා අයවැය හිගය දළ දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 5.7 සිට සියයට 7.4 දක්වා වැඩිවිය. රටේ ආර්ථිකය පිළිබඳ දේශීය හා විදේශීය ආයෝජකයින් තුල පැවැති විශ්වාසය බිඳ වැටිනි. ආයෝජකයින් තුල පැවැති විශ්වාසය බිඳ වැටීමට පහත සදහන් හේතු බලපෑවේය.

1. රජය බලයට පැමිණි වහාම පෝටිසිටි ඇතුලූ ව්‍යාපෘති 1000 ක පමණ සංවර්ධන කටයුතු නතර කිරීම.

2. මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර වලින් සිදුවූ වංචාව, එහිදී රුපියල් බිලියන 145 ක පාඩුවක් රජයට සිදු වන බව ගණන් බලා ඇත. තවද, ඒ අනුව රටෙහි ණය පොලී අනුපාතයද අක‍්‍රමවත් ලෙස වැඩිවිය.

3. ව්‍යාපාර සඳහා අධිලාභ බද්දක් පැනවීම. මෙම අධිලාභ බද්ද පැනවීම නිසා ව්‍යාපාර වලට අනාගත ආයෝජන නතර කිරීමට සිදුවිය.

4. රාජ්‍ය සංඛ්‍යා ලේඛණ නිවැරදි නොවී යයි පවසා ඇතැම් සංඛ්‍යා ලේඛණ අතාර්කික ලෙස සංශෝධනය කිරීම.

5. මහින්ද රාජපක්ෂ මහතා ඩො.මි. 18,000 ක් සොරකම් කලා යයි ඇතැමි ඇමතිවරු විසින් අදුරදර්ශී ප‍්‍රකාශ කිරීම.

6. රජය විසින් රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩිකිරීම. එබැවින් පුනරාවර්තන වියදම රුපියල් බිලයන 1323 සිට 1762 දක්වා සියයට 25 කින් වැඩි විය. අයවැය පරතරයද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 සිට සියයට 7.4 දක්වා වැඩිවිය.

7. 2016 අයවැය සංශෝධයට ලක්වීමෙන් පසු එහි යෝජනා පැහැදිලි නොවීම.

මෙම හේතුන් නිසා දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ තීරණ ගැනීමේදී 'බලාගෙන සිටිමු' (Wait & See Policy) ප‍්‍රතිපත්තිය අනුගමනය කෙරිනි.

විදේශ විනිමය හිගයක් ඇතිවීමට හේතු වූ මුලාශ‍්‍ර



ඇස්තෙමේන්තු

මේ අනුව රටේ ගෙවුම් ශේෂය හැසිරුනේ අවාසි සහගත ලෙසය. ගෙවුම් ශේෂය යනු රටේ මුළු විදේශ ලැබීමි හා ගෙවීම අතර වෙනසය. 2015 දී සමස්ත ගෙවුමි ශේෂ හිගය ඩො.මි 1489 කි. මෙය මෙතෙක් වාර්තා කල උපරිම හිග අගය විය. 2016 පළමු කාර්තුෙවීදී මෙය තවත් අවාසි සහගත විය. 2016 පළමු කාර්තුවේ ගෙවුම් ශේෂ හිඟය 720.2 කි. එහෙත් පසුගිය වසර 10 තුල ගෙවුම් ශේෂයේ හිගයක් වාර්තා වුයේ වසර 02 ක් තුල පමණි. ඒ අනුව 2005 - 2014 අතර කාලය තුල දී ගෙවුම් ශේෂයේ සමස්ත වාසිදායක ශේෂය ඩො. මි. 4943 ක් විය. එම වාසිදායක තත්වය පසුගිය රජයට විදේශ ණය සේවාකරණය පහසුවෙන් පවත්වා ගෙනයාමට බෙහෙවින් උපකාරී විය.

වර්තමාන රජයේ දුර්වල ආර්ථීක කළමණාකරණය නිසා 2015 දී රට තුල විදේශ විනිමය හිගයක් ඇතිවිණි. වාණිජ බැංකුවලට තම ගනුදෙනු කරුවන්ගේ එදිනෙදා විදේශ ඉල්ලූමට මුහුණ දීමට නොහැකි විය. ඔවුන්ට ඒ සදහා ශී‍්‍ර ලංකා මහ බැංකුවෙන් විදේශ විනිහය මිළදී ගැනීමට සිදුවිය. 2015 දී මහ බැංකුව ඩො. මි. 3250 ක් තම විදේශ සංචිතයෙන් වාණිජ බැංකුවලට විකිණිය. මෙය ඉතිහාසයේ වර්ෂයක් තුල වාර්තාගත වු වැඩිම අගය වේ. 2015 දී වැඩකරන සෑම දිනකම මහ බැංකුව ඩො. මි. 13 ක් වාණිජ බැංකුවලට විකුණා ඇත. එහෙත් පසුගිය වසර 10 තුලම ශ‍්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට විකුණනු ලැබූ ඩොලර් ප‍්‍රමාණය ඩො. මි. 2357 ක් පමණක් විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස රුපියලේ වටිනාකම හා රටේ නිල විදේශ සංචිතය සීග‍්‍රයෙන් පිරිහිනි. රුපියල ඇතැමි අවස්ථාවලදී ඩොලරයට සාපේක්ෂව රුපියල් 150 මටිටමට ළගාවිය. වසර තුල රුපියල සියයට 9.3 කින් පිරිහින. 2014 වන විට ඩො.මි. 8208 ක් වු නිල විදේශ සංචිත ප‍්‍රමාණය වසරක් තුල ඩො.මි. 905 කින් අඩුවී 2015 වන විට ඩො.මි. 7303 දක්වා පහල බැසින. මේ තත්ත්වය 2016 මාර්තු වන විට තවදුරටත් වර්ධනය වී ඇති අතර නිල විදේශ සංචිත ප‍්‍රමාණයද අද වන විට ඩො. මි. 5300 පමණ වි ඇත. මෙසේ නිල විදේශ සංචිතය අඩු වුයේ ඛණීජතෙල් මිළ අඩුවීම නිසා එහි ආනයන වියදම 2015 දී පමණක් ඩො.මි. 1900 ක් පමණ අඩුව තිබියදීය. 2014 දී නිල විදේශ සංචිතය රටේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට මාස 5.1කට සෑහීන. එහෙත් අද එය සෑහෙන්නේ ආනයන මාස 3.8 කට පමණී.

පසුගිය රජය ආරම්භ කර ජනතා අයිතියට පත්කල ව්‍යාපෘතීන්ගෙන් ආදායම් ජනනයවීමට කලක් ගතවේ. එම ව්‍යාපෘතිවලට සමගාමීව රටේ යටිතල පහසුකම්, කෘෂීකර්මාන්ත, කර්මාන්තශාලා ඇතිවිය යුතුය. සංචාරකයින් පැමිණිය යුතුය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් කොටුපල වැනි ව්‍යාපෘතීන් මීට කදිම උදාහරණයි. මෙම රජය මෙම සමගාමී ව්‍යාපෘතීන් ආරම්භ නොකලා පමණක් නොව ඇරඹු සංවර්ධන ව්‍යාපෘතිවල මූලික ඉලක්කයන්ගෙන්ද බැහැර වෙන ලදී. එම නිසා නිමකල ව්‍යාපෘතීන්වලින්ද අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇත. මෙයද ණය ගෙවීම පිළීබඳ ගැටළුව උග‍්‍රවිමට හේතුවක් විය.

රජය විදේශීය මුදලින් ණය ඩො.මි. 13102 ක් මේ වන විට ලබාගෙන ඇත. ඒ පහත සදහන් මුලාශ‍්‍රවලිනි.
විදේශ මුදලින් ණය ලබා ගැනීම (2015-2016 අපේ‍්‍රල් - ඩොලර් මිලියන)



මෙම ණය වලින් සියයට 80 ක් පමණ ගෙන ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති සදහා නොවන බව පැහැදිලිය. ඒවා යොදාගනු ලබන්නේ පාරිභෝගික අවශ්‍යතා හෝ ගෙවුමි ශේෂ දුෂ්කරතා වලට මුහුණදීමටය. පසුගිය රජය ගනු ලැබු විදේශ ණය වගකීම් සදහා ඊට එරෙහිව වත්කමක් නිර්මාණය වි ඇති අයුරි මෙහි මුලින් සදහන්වේ. එහෙත් එවැනි වත්කමක් මේ රජය විසින් ගනු ලැබූ ණය සදහා නිර්මාණය වි නැත.

රජය අධික පොලියක් යටතේ ණය ගැනීමට කටයුතු කිරීම නිසා රජයේ ණයබර වැඩිවිය. අන්තර්ජාතික බැඳුම්කර ඩො.මි 1500 ක් සියයට 6.85 කින් හා තවත් ඩො.මි 650 ක් සියයට 6.12 යටතේ රජය ණය ලබා ඇත.

අද රජයේ ණය බර වැඩිවීමට බලපෑ වැදගත් කරුණක් වන්නේ රජය විසින් ඉතා කෙටිකාලීන ණය ලබා ගැනීමය. කෙටිකාලීන ණය මුදල හා පොලීය ඇතැමි විට එම වසර තුලම ගෙවීමට සිදුවේ. උදාහරණ ලෙස රජය ඉන්දීය සංචිත බැංකුව සමග ඇති කර ගත් 'Currency Swap' දෙකම මාස 03 ක කාලයක් තුල ආපසු ගෙවීමට සිදුවිය. එමෙන්ම පෙර සංවර්ධන බැඳුමිකර යටතේ ණය ලබා ගත්තේ වසර 03-05 ත් අතර කාලයකටය. එහෙත් අද සංවර්ධණ බැඳුමිකර යටතේ මාස 13 ක් වැනි කෙටිකාලයක් සදහාද ණය ලබාගනී.

රජයේ දුර්වල ණය කළමණාකරනය නිසා ඉතිහාසයේ නොවු විරු ලෙස ණය සේවා කරණය සදහා විශාල විනිමයක් වැයකිරීමට රජයට සිදුවිය. 2015 වසර තුලදී විදේශීය ණය ආපසු ගෙවීම සදහා ඩො.මි. 3460 ක් හා පොලි ගෙවීමි ලෙස ඩො.මි. 1223 ක් ගෙවා ඇත. ඒ අනුව ණය සේවා කළමණාකරනය සදහා වැය වු මුළු විදේශ විනිමය ඩො.මි. 4683කි. මෙය දැවැන්ත මුදලකි. මීට මුලික හේතුව වි ඇත්තේ රජය කෙටිකාලීණ ණය ලබා ගැනීමය.
2015 දී රුපියල අනෙකුත් විදේශ මුදල් වලට සාපේක්ෂව පිරිහීම නිසා ගෙවීමට ඇති විදේශීය ණයබර තවත් වැඩිවිය. මෙලෙස වැඩි වු අමතර ණය බර 2015 දී රුපියල් බිලියන 285ක් වේ. කිසිදු හේතුවක් නොමැතිව මේ අනුව දිනකට රුපියල් මිලියන 781 කින් ජනතාවගේ ණය බර වැඩි වී ඇත.

මෙම කරුණුවලින් පෙනී යන්නේ රජය පවසන ණය උගුල වර්තමාන රජය විසින් නිර්මාණය කල, රජයේ අතාර්කික මුල්‍ය හා විනිමය කළමණාකරනයේ අනිටු ප‍්‍රතිවිපාකයක් බවය. ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කරනවාට වඩා වඩාත් නිවැරදි හා මුල්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රීයාත්මක කිරීම දිගු කාලීනව රටේ යහපතට හේතුවනු ඇත. නැතහොත් මෙම ණය උගුලේ හිරවන්නේ වර්තමාන ආණ්ඩුව පමණක් නොව රටේ සිටින සමස්ත ජනතාව වන බැවිනි.

(මෙහි සදහන් සියළුම සංඛ්‍යාවල මූලාශ‍්‍ර වන්නේ 2005-2015 ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා, ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල බාහිර අංශයේ ප‍්‍රගතිය 2016 මාර්තු පුවත්පත් නිවේදනය සහ වියත්මග නිකුත්කල සෝදාපාළුව නමි මූලාශ‍්‍රයන්ය.)

ඔස්මන් චන්ද්‍රවංශ
හිටපු විනිමය පාලක සහ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත‍්‍රඥ