SLBO Home About Us | To Advertise | Contact Us
Fri, 19 Apr 2024   12:08:34
'යහපාලන ප්‍රහාර':
29 Oct 2015 23:44:41
'යහපාලනය' යටතේ ක්‍රියාකරන 'පොලීසිය' සිසුන්ට එල්ල කල 'ම්ලෙච්ච ප්‍රහාරය'


'යහපාලනය' යටතේ ක්‍රියාකරන 'පොලීසිය' සිසුන්ට එල්ල කල 'ම්ලෙච්ච ප්‍රහාරය' ශ්‍රී ලංකාවේ උගත් වියතුන් හෙලා දකී

Oct 29, 2015 (SLBO) - කොළඹ, වෝඩ් පෙදෙසේ අද (29) දින උද්ඝෝෂණයක යෙදුණු උසස් තාක්‍ෂණ ඩිප්ලෝමා සිසුන්ට පොලිසිය යොදවා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය ‘වියතුන්ගේ හඬ’ සංවිධානය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එම සංවිධානය ලිපියක් මගින් මාධ්‍ය වෙත අද දැනුම් දුන්නේය. මේ පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ ලිපියයි.

කොළඹ, වෝඩ් පෙදෙසේ අද (29) දින උද්ඝෝෂණයක යෙදුණු උසස් තාක්ෂයණ ඩිප්ලෝමා සිසුන්ට පොලිසිය යොදවා එල්ල කළ ම්ලේච්ඡ ප්ර්හාරය ‘වියතුන්ගේ හඬ’ සංවිධානය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමු.

ශිෂ්යෝ ඉල්ලීම් උදෙසා උද්ඝෝෂණයේ යෙදෙන සිසුන් අපරාධකරුවන් සේ සලකා මෙසේ ප්ර හාර එල්ල කිරීම ‘යහපාලන’ ප්රලතිපත්ති වලට අනුකූල දැයි අපි රජයෙන් ප්රපශ්න කර සිටිමු.

‘රතුපස්වල සිද්ධීන්’ ගැන වේදිකා වල කතා කරමින්, සාකච්ඡාවෙන්, සම්මන්ත්ර්ණයෙන් ප්රටශ්න විසඳා ගැනීමට හැකි බව පවසා තරුණ තරුණියන්ගේ ඡන්දය මගින් බලයට පැමිණි ආණ්ඩුව, වැඩි කල් නොගොසින්ම මෙසේ බැටන් පොළු, කඳුළු ගෑස් වලින් ශිෂ්යි ප්රකශ්න මර්දනය කිරීමට දරණ උත්සාහය වියතුන් වශයෙන් කිසි ලෙසකින්වත් අපි අනුමත නොකරමු. අප අවධාරණය කරන්නේ වගකිවයුතු ආණ්ඩුවක් තරුණ සහ ශිෂ්ය ප්ර ශ්න සම්බන්ධයෙන් මීට වඩා බුද්ධිමත්ව සහ සානුකම්පික ලෙස කටයුතු කළ යුතු බවයි.

එබැවින්, අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියට මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් සිදු වීම වළක්වාලීමට වග බලා ගන්නා ලෙසත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ය.

වියතුන්ගේ හඬ සංවිධානය වෙනුවෙන්,

1. අති පුජ්ය්, අග්ග මහා පණ්ඩිත, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමි - ගරු අනුශාසක
2. මහාචාර්ය විමලධර්ම අභයවික්රකම - සභාපති
3. නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ - ලේකම්


2015 ඔක්තෝබර් 29 දින