SLBO Home About Us | To Advertise | Contact Us
Mon, 18 Mar 2024   10:12:19
පාඩම් උගනිමු:
12 Oct 2015 15:56:38
ඉතිහාසයෙන් බැරිනම් වර්ථමානයෙන් පාඩම් උගනිමුද?


Oct 12, 2015 (SLBO) - ලෝකයේ බිහිසුනුම ත්‍රස්තවාදී කන්ඩායම කුමක්දැය් මගෙන් ඇසුවොත් පිලිතුර ඉතා සරලය. ඒ මැදපෙරදිගට වසංගතයක් වී ඇති ‘ISIS' හෙවත් 'ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා' යන නමින් හැදින්වෙන ත්‍රස්තවාදීන්ය.

මගේ ජීවිත කාලය තුල ලංකාවේ කොටි ත්‍රස්තවාදීන්, ඇමෙරිකාවේ 9/11 පහරදීම කල අල් කය්ඩා ත්‍රස්තවාදීන්, නය්ජීරියාවේ බොකො හරාම් ත්‍රස්තවාදීන් වැනි විවිධ අනක් ගුනක් නැති ත්‍රස්තවාදී කන්ඩායම ගැන අසා තිබුනද ඒ කිසිම සංවිධානයකට ‘ISIS' සංවිධානයේ ම්ලේච්ඡත්වයට අසලකින්වත් යා නොහැකි බව ලෝකය ගැන විමසුමෙන් සිටිනා අය මා සමග එකඟ වනු ඇත.

තමන්ට අසුවූ විදේශිකයන්ගේ ගෙල අඟල් 6 පමන දිග දඩයම් පිහියකින් කපන දර්ශණ අන්තර්ජාලයට මුදාහරීම ප්‍රචාරක කටයුතු සඳහා මුලින්ම යොදා ගත් මෙම සංවිධානයේ සමාජිකයෝ පසුව සිරකරුවන් කූඩුවකලා පනපිටින් ගිනිතැබීම, කන්ඩායම් වශයෙන් දනගස්වා එකවර බෙලි කැපීම, උස ගොඩනැගිලිවලින් මිනිසුන් පහලට විසි කිරීම, කුරුසයේ ඇනගසා මිනිසුන් මැරීම වැනි පසුගිය ශතවර්ශ ගනනාවකින් අපි අසා නැති බිහිසුන වධ හිංසන ප්‍රසිද්ධියේ කිරීමෙන් ත්‍රස්තවාදයට නව මුහුණුවරක් ලබා දුන්හ. අත්පත් කරගන්නා ප්‍රදේශවල් සිටින අන් ආගමිකය සියලු දෙනා මරණයට හෝ වහල් වෙළදාමට නතු කලහ. ලමුන් තරුණියන් හා කාන්තාවන් ප්‍රසිද්දියේ විකුණන වහල් වෙලදපොලවල් හඳුන්වා දුන්හ

මිලියන ගනන් ජනතාව මර බියෙන් සිය රටවල් අතහැර විවිධ දුශ්කර මාර්ග ඔස්සේ පලායන මහා ඛේදවාචකයක් මැද පෙරදිග අද උදා වී ඇත්තේ මේ ත්‍රස්තවාදී සංවිධානය නිසාය.’ISISස්' උවදුර නිසා බොහෝ ආගම්වල අනාවැකි කී ලෝක අවසානය පැමිණෙමින් ඇතැය් විශ්වාස කරන්නටද සමහරු පටන් ගෙන තිබේ.

මා මේ කරුණු ඔබට කීවේ එක් සරල ප්‍රශ්නයක් ඔබෙන් අසන්නටය.’ISIS' සංවිධානයේ මුලාරම්බය කුමක්දැය් ඔබ දන්නවාද ?

' ISIS' යනු 'ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා' යන්න කෙටියෙන් කීමට යොදා ගන්නා නමය්. නමේ කියන අයුරින්ම ඒය සිරියාව හා ඉරාකය යන රටවල් දෙකම සම්බන්ධකරගෙන ගොඩනැගුන ත්‍රස්තවාදී කන්ඩායමකි.
වසර 2003 දී ඇමෙරිකාව ඉරාකයේ සිටි ප්‍රබල නායකයා වන සදාම් හුසේන් එලවා දමා දශක ගනනාවක් පුරා ස්ථාවරව පැවති ඉරාකය අස්ථාවර රටක් බවට පත්කලේය. සදාම්ගෙන් පසු පැමිනි දුර්වල පාලකයන්ට රට පාලනය කර ගත නොහැකිව රට පුරා විවිධ ත්‍රස්තවාදී කන්ඩායම් බිහිවන්නට පටන් ගැනුනි. මීට අමතරව දශකයකට වැඩි කාලයක් තිස්සේ සිරියවේ ප්‍රබල නායකයා වන අල් අසාඩ් එලවාදැමීමේ අරමුනින් ඇමෙරිකාව සිරියවේ ත්‍රස්තවාදී කන්ඩායම් වලට ආයුද සපයමින් සිටිය්.

‘ISIS' මේ රටවල් දෙකේ බිහිවු ත්‍රස්තවාදී කන්ඩායම් වල එකතුවකි. කොටින්ම කියනවානම් ‘ISIS' යනු මැදපෙරදිගට දිගින් දිගටම සිදුවූ ඇමෙරිකානු ඇඟිලි ගැසීම් වල ප්‍රථිපලයකි.

එදා ඇමෙරිකාව සදාම් හුසේන් තම රට පාලනය කරන ආකාරය විවේචනය කරමින් ඔහු එලවන්නට ඉදිරිපත් වන විට ඔල්වරසන් දුන් අය ඉරාකයේ සිටින්නට ඇත. පසුගිය දශකය පුරා අල් අසාඩ් තම රට පාලනය කරන ආකාරය විවේචනය කරමින් ඔහු එලවන්නට ඉදිරිපත් වන විට ඔල්වරසන් දුන් අය සිරියාවේද සිටින්නට ඇත.

තවමත් පණ පිටින් සිටිනවානම් ඔවුන් බොහෝ දෙනෙකුඅද සිරියාව හා ඉරාකය අතහැර පලායන මිලියන ගනන් සරණාගතයන් අතර සිටිනවා විය හැක. එදා ඇමෙරිකාවට හෝය්යා කියනා විට ප්‍රබල නායකයකුගෙන්තොරවී අස්ථාවර වූ රටක අනාගතය මොනතරම් බියකරුදැය් ඔවුන්ට කිසිදු අවබෝදයක් නොතිබෙන්නට ඇත..

තම වසර 239 ක ඉතිහාසය තුල ඇමෙරිකාව විසින් අවංකව උදව් කල රටක් නම් කරන්නට ලෝකය ගැන තතු දන්නා අයෙකුට කල නොහැක. ඇමෙරිකාව අතගැසු සෑම රටක්ම අවසන්වූයේ කෑලි වලට කැඩී මහා ව්‍යසනයන් වීමෙනි.
ඇමෙරිකාව කියනදේ දේව වාක්‍ය ලෙස පිලිගන්නා ඔවුන්ගේ උපදෙස් මත රට ගොඩගන්නට සිතනා යුගයක් අද අපට ලැබී ඇත. එපමනක් නොව ලංකාවේ රණ විරුවන්ට එරෙහිව ඇමෙරිකාව ගෙන එන යෝජනා දණ නමා පිලිගෙන, එයට තමුන්ද සහකරුවෙකු ලෙස අත්සන් තබා මහා වික්‍රමයක් කලා සේ කටමැත දොඩන විට එය පිළිකුලෙන් හෝ අසා සිටින්නට අපට සිදුවී ඇත. මේ දීන කමට සැලකිල්ලක් ලෙස ඇමෙරිකාව අපේ රටේ දියුනුවට බොහෝසේ උපකාර කරනු ඇතැය් සිතන අය අපේ උගත් යැය් කියාගන්නා පෙලැන්තිය අතරද සිටිති. ඔවුන් මගේ මේ සටහන කියවන්නේත් අසතුටින් බව මම දනිමි.
තව වසර 10 කින් ආපසු හැරී බලන්නට අපට අවස්ථාවක් ලැබුනහොත් මෙම ආදරයේ ප්‍රථිපල ඇමෙරිකානු සරණ ගිය අන් රටවලට වඩා වෙනස්දැය් අපට දැකගන්නට ලැබෙනු ඇත.

- ආචාර්ය නාලක ගොඩහේවා