SLBO Home About Us | To Advertise | Contact Us
Fri, 26 Apr 2024   07:52:13
කබ්රාල් සූදානම්!:
26 May 2015 23:52:38
අගමැති රනිල් සමග ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට සහභාගී වන්නට මා සූදානම් - අජිත් නිවාර්ඩ් කබ්රාල්


2015 මැයි 23 වන දින අජිත් නිවාඩි කබිරාල් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවෙිදනය


May 26, 2015 (SLBO) - මෑතකදී සිට අගමැතිතුමා ඇතුලු කීප දෙනෙක් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙි අධිපතිවරයා වශයෙන් මා කටයුතු කරද්දී සිදුකළා යැයි කියන වැරැදි සහ අක්‍රමිකතා ගැන චෝදනා සහ අවලාද එල්ල කරන බව පැහැදිළිය. එවැනි අභූත සහ පදනමි රහිත ප්‍රකාශන කිරීමට හේතුව, දැනට රටෙි පවතින විශාල ආන්දෝලානාත්මක සිද්ධියක් වන භාණ්ඩාගාර බැදුමිකර වංචාව සහ ඒ තුළින් රටට සහ ආර්ථිකයට සිදුවෙමින් පවතින අති දැවැන්ත හානිය වසන් කිරීම බවත් පැහැදිලිය.


ශ්‍රී ලංකාවෙි මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා සේවය කළ දින 3,100 පමණ කාලය තුළදී 2005 දී ඇමරිකානු ඩොලර් බිලියන 24 ක පමණවූ ශ්‍රී ලංකාවෙි දළ දේශීය නිශ්පාදිතය, 2014 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 75 පමණ දක්වා වැඩිවෙමින්, ශ්‍රී ලංකා ආර්ථිකය හුරු බුහුටි ආර්ථිකයක් බවට පත් කර ගන්නට මගේ දායකත්වය ලබා දීමට මට හැකි වූ බව නොරහසකි. තවද,ඒ කාලය තුළදී අප රටෙි සියලුම සාර්ව ආර්ථික සාධක සෑම අතකින්ම දියුණු වුනි. එහෙත්, මෙම දැවැන්ත විපර්යාසය සිදු වීම නිසා, විපක්ෂයේ සමහර දේශපාලන චරිත පසුබෑමට ලක් වුනි. එම නිසා, ඒ අය මා කෙරෙහි ඉතා ද්වෙිශයෙන් සහ පළිගැනීමෙි චෙිතනාවෙන් කටයුතු කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට දිගින් දිගටම කටයුතු කළ අතර වර්තමාන අධිපතිවරයාගේ ක්‍රියාදාමය පිළිබදවදැඩිි ප්‍රශ්න මතු වෙද්දී ඒවා වසන් කරගන්නට, මට එරෙහි ප්‍රහාර තව දුරටත් උත්සන්න කිරීමට කටයුතු කරන බවද පැහැදිළිය.


එවැනි එක් ප්‍රහාරයක් නමි, මෙි දිනවල මාධ්‍යට ප්‍රකාශ කරන ලද 2012, 2013, සහ 2014 යන වර්ෂ වලදී, ර්‍ණපෞද්ගලික භාණ්ඩාගාර බැදුමිකර වෙන්දේසි” ඔස්සේ, ම විසින් සභාපතිත්වය දරන ලද ටෙන්ඩර් කමිටු හරහා රුපියල් බිලියන 2,700 (රුපියල් ටි්‍රලියන 2.7) පමණ මුදලක් වංචා කොට ඇතැයි යන පුදුමාකාර සහ අසත්‍ය චෝදනාවයි. එම චෝදනා මාලාවෙි තව දුරටත් පවසා ඇත්තේ, මෙවැනි නීති විරෝධී ගණුදෙණු කර ඇත්තේ පසුගිය රජයේ හෙංචයියන්ට ලාභ ලබා ගැනීමට තුඩුදෙන ලෙසටත්්, එම ගණුදෙණු අනුමත කර ඇත්තේ පුද්ගලිකවම ම විසින් බවත්ය. තවද, රජය විසින් 2012 සිට 2014 දක්වා නිකුත් කොට ඇති භාණ්ඩාගාර බිල්පත් සහ බැදුමිකර සියල්ලම, අධිපතිවරයාගේ පෞද්ගලික අභිමතය අනුව වෙන් කොට ඇතැයි කියාද සැක මතුකොට ඇත. එමෙන්ම, එම ණය නිකුතු සියල්ලම, රජයට සිදුවූ පාඩු හැටියට අර්ථකතනය කිරීමෙන් සාමාන්‍ය දැනුම සහ තර්ක ශ්‍රාස්ත්‍රයේ මූල ධර්ම සමිපූර්ණයෙන්ම උල්ලංගනය කරන, තවත් අභූත චෝදනාවක්ද එල්ල කොට ඇත. තවද, බැදුමිකර වෙන්දේසියකින් පසුව, ප්‍රාථමික ගණුදෙණුකරුවන්ට වෙන්දේසියෙන් නියම වූ බර තැබූ සාමාන්‍ය පොළී අනුපාත අගයකට සෘජු නිකුත් කිරීමි සිදු කිරීම, ඉතා වැරැදි සහගත සහ රහසිගත ක්‍රමවෙිදයක් ලෙසද පෙන්වා දෙන ලදී. එපමණක් නොව, එම නිකුත් කිරීමි මවිසින් පුද්ගලිකවම තෝරාගත් පිරිසකට මුදල් ලබා දුන්නා යැයි කියමින්ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දශක ගණනක්ම තිස්සේ අනුගමනය කරන ලද භාණ්ඩාගාර බැදුමිකර නිකුතුවෙි ක්‍රමවෙිදය, විකෘති කිරීමට උත්සාහයක්ද දරා ඇත. මෙම පිළිකුල් සහගත සහ ද්වෙිශ සහගත චෝදනා සියල්ලම මා අසත්‍ය සහ පදනම් රහිත ඒවා වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි.


මෙවැනි අසත්‍ය චෝදනා වලට පිළිතුරු නොදී සිටිමට මා මුලින්ම තීරණය කොට තිබූනද, 2015 පෙබරවාරි 27 වන දින නිකුත් කරන ලද අර්බුදයට ලක්වූ අවුරුදු 30 භාණ්ඩාගාර බැදුමිකරය සමිබන්ධයෙන් කරුණු ක්‍රම ක්‍රමයෙන් එළිවෙද්දී, ඒවා වසන් කිරීම සදහා මට විරුද්ධව කරනු ලබන චෝදනා වල අභූත ස්භාවයද විකෘතිභාවයද, අසත්‍ය භාවයද උග්‍ර ලෙස වැඩි වෙමින් පවතින නිසා, මෙි වනවිට මාගෙන් පිළිතුරක් අත්‍යවශ්‍ය යැයි, මා හට හැගී ඇත. එහි ආරමිභයක් වශයෙන් 2015 මාර්තු 17 වන දා, 2015 පෙබරවාරි 27 බැදුමිකරය පිළිබදව අගමැතිතුමා කළ ප්‍රකාශය මුලින්ම කෙටි විග්‍රහයකට භාජනය කිරීම සුදුසු යයි මා වීශ්වාස කරමි.


අගමැතිතුමාගේ එකී ප්‍රකාශනයේ, මහ බැංකුව විසින් නිකුත් කරන සෘජු නිකුත් කිරීමි, ර්‍ණපෞද්ගලික නිකුත් කිරීමි” වශයෙන් හදුන්වමින්, එය දූෂිත ක්‍රමවෙිදයක් යයි පෙන්වා දෙන්නට, එතුමා තැත් කොට ඇත. එමගින්, සැකයක් මතු කරන්නට එතුමා ක්‍රියාකොට ඇත. එහෙත්, දියුණු වී ඇති සහ දියුණු වෙමින් පවතින ආර්ථිකයන් රාශියක, භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වෙන්දේසි වලින් පසුව, එම වෙන්දේසි වලදී තීරණය වූ ර්‍ණසාමාන්‍ය බර තබන ලද පොළී අනුපාතය” අනුව, තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් සහ බැදුමිකර නිකුත් කිරීම සාමාන්‍යයෙන් සිදු කරන ක්‍රමවෙිදයක් බව මෙම ෙක‍ෂ්ත්‍රයේ නියැලී සිටින අය හොදින් දන්නා කරුණකිි. එවැනි ක්‍රමවෙිදයක් දශක කීපයක් තිස්සේම, ශ්‍රී ලංකාවෙිද අනුගමනය කොට ඇත. එම ක්‍රමවෙිදය අනුගමනය කරමින්, භාණ්ඩාගාර බිල්පත් සහ බැදුමිකර නිකුත් කරමින්, රජයේ පොළී ගෙවීමි අවම කර ගන්නට මහ බැංකුවට අවුරුදු ගණනක්ම තිස්සේම හැකි වි තිඛෙි. රජයට එළෙස වාසි ලැඛෙන්නේ, මෙම සෘජු නිකුත් කිරීමි සැම විටම කරනු ලබන්නේ, වෙන්දේසියෙන් තීරණය වන ප්‍රාථමික වෙළදපොළේ සාමාන්‍ය බර තබන ලද අනුපාතය, සහ ද්විතීය වෙළදපොළේ පවතින අනුපාතය අතරින්, වඩාත් අඩු අගයට බැදුමිකර නිකුත් කරනු නිසාය. එමගින්, රජයට එම වාසිය අනිවාර්්‍යයෙන්ම ලැඛෙනු ඇත. තවද එම අනුපාතයන් දෙකම තීරණය වන්නේ, පාරදෘෂ්‍යභාවයකින් තීරණය වන, වෙළදපොළේ ක්‍රියාවලිය අනුව සහ සියල්ලන්ම දන්නා ක්‍රමවෙිදයක් ඔස්සේ නිසා, එය සෑම දෙනාම පිළිගන්නා ක්‍රමවෙිදයක් බවද කිව යුතුය. මෙම අත්‍යවශය සහ වැදගත්ම කරුණ, අගමැතිතුමා තම ප්‍රකාශනයේ සිතාමතා හෝ නොදැනුවත්ව නොකියා සිටියද, එය භාණ්ඩාගාර බිල්පත් සහ බැදුමිකර වෙළදපොළේ කටයුතු කරන අය හොදින් දන්නා කරුණකිි. ඒ නිසා, ඒ අය නොමග යන්නට කිසිදු අවකාශයක් නොමැත. තවද, එම ක්‍රියාවලිය කෙතරමි පාරදෘෂ්‍ය සහ සංවේදීද කිවහොත්, 2015 පෙබරවාරි 27 වන දා භාණ්ඩාගාර බැදුමිකරය අනිසි ලෙස නිකුත් කළ සැනින්, එහි තිබූ අර්බුදකාරී ස්භාවය, එසැනින්ම වෙළදපොළ අවබෝධ කරගත්හ. එසේ සිදුවන්නට හේතුවූයේ වෙළදපොලේ කටයුතු කරන සියල්ලෝම මෙි ක්‍රියාවලිය දෙස තියුණු සැලකිල්ලකිින් තමන්ගේ අවධානය යොමු කරමින් සිටින නිසාය. මෙි තත්ත්වය පිළිබදව, මෙි වන විට රජයේ සහ මහ බැංකුවෙි නව පාලන අධිකාරියට ඒත්තු වී ඇතැයි කියා දැන්වත් සිතිය හැකෟ එසේ නම්, සුලු පිරිසකට පමණක් වාසියක් ලබාදෙන, පාරදෘෂ්‍යභාවයකින් තොරව යමි කිසි ක්‍රමවෙිදයක් කිසි විටෙක හෝ මෙම ෙක‍ෂ්ත්‍රයේ ක්‍රියාවට නැගුවහොත්, එය ඉතා ඉක්මනින් එළි වන ආකාරයට, මහ බැංකුවෙි මෙම බැදුමිකර නිකුත් කිරීමෙි පද්ධතිය සකස් කොට ඇති බව, මෙම අර්බුදයෙන් ඉගන ගත හැකි විශේෂ පාඩමක් බව නව පාලන අධිකාරියට දැන් වැටහෙනවා නොඅනුමානය.


අගමැතිතුමාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේදී, 2013 වර්ෂයේ එක් දිනකදී රුපියල් බිලියන 16 ක්

වටිනා වර්ෂ 05 ක කාලය සහිත බැඳුම්කර 10.9% වාර්ෂික පොළී අනුපාතයකට වෙන්දෙසි කිරීම

මඟින් නිකුත් කර ඇති බවත්, ඉන් පසුව එම බැඳුම්කර රුපියල් බිලියන 76 ක් ඉහළ පොළි

අනුපාතයක් වන 11.42% යටතේ පුද්ගලික අයෝජකයින්ට විකුණා ඇති බවත් සදහන් කොටඇත.

මෙහි සත්‍ය තත්ත්වය, මහ බැංකුව තම නිල නිවෙිදන වලින් දන්වා ඇති තොරතුරු අනුව, පහත

දැක්වේ.


(අ) අගමැතිතුමා සඳහන් කල පළමු බැඳුම්කරය 2013 ජනවාරි 10 වන දින නිකුත් කරන ලද වර්ෂ 05යි මාස 03 ක බැදුමිකරයක් වූ අතර, එය 10.9% වාර්ෂික පොළියක් යටතේ වෙන්දේසි ක්‍රමයට නිකුත් කරන ලදි. එම වෙන්දේසියේ ප්‍රතිඵල, මහ බැංකුව විසින් නිල නිවේදනයක් මඟින් 2013 ජනවාරි 10 වන දිනම දැනුවත් කරන ලදී.


(ආ) ඉන් පසුව, 2013 මාර්තු 27 වන දින, වර්ෂ 05 යි මාස 03 ක වෙනත් බැඳුම්කරයක් වෙන්දේසි කරන ලදී. එහිදී 11.45% ක වාර්ෂික පොළි අනුපාතයකට නිකුත් කරන ලදී. මෙම වෙන්දේසිය පිළිබඳවද විස්තර මහ බැංකුව විසින් නිල නිවේදනයක් මඟින් 2013 මාර්තු 27 වන දිනම දැනුවත් කරන ලදී.


(ඇ) එම දෙවන වෙන්දේසියෙන් පසුව, 11.42% වාර්ෂික පොළිය යටතේ සෘජු නිකුත් කිරීම ඔස්සේ බැඳුම්කර ලබා දී ඇති අතර, එය වෙන්දේසියේදී තීරණය වූ පොළි අනුපාතය වු 11.45% ට වඩා අඩු අගයක් බව පැහැදිළිය.


එම නිසා, අගමැතිතුමාම ඉදිරිපත් කොට ඇති උදාහරණයෙන්ම ගම්‍ය වන්නේ, මහ බැංකුවේ මෙතෙක් පැවති ණය ලබා ගැනීමේ උපක්‍රමයන් යටතේ, රජයට ණය ලබා ගැනීම අවම පොළි අනුපාත මත රජයට අඩුම වියදමක් සිදු වන ලෙස කරනු ලද බවය. එහෙත්, අගමැතිතුමා දැන් යෝජනා කරන ක්‍රමය යටතේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙස, විශාල අමතර පොළී වියදමක් රජයට ඉදිරියේදී දැරීමට සිදු වනු නොඅනුමානය.


අප දැන් 2015 පෙබරවාරි 27 වන දින නිකුත් කරනලද වර්ෂ 30 බැඳුම්කරය සලකා බලමු.

එම නිකුතුවට අදාල කරුණු පහත දැක්වෙිි.


දිනය ප්‍රදානය කල ප්‍රමාණය රු.බිලියන පරිණත කාලය අවුරුදු වෙන්දේසියෙන් ලබා ගත් ප්‍රමාණය රු.බිලියන වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොළිය (%) වෙන්දේසියට පෙර සෘජු ආයෝජන සඳහා පැවති පොළිය (%)

27.02.15 1.0 30.0 10.058 11.73 8.85


අගමැතිතුමාගේ ප්‍රකාශයේ, අර්බුධයට තුඩුදුන් බැඳුම්කරයට අදාල සාමාන්‍ය පොළි අනුපාතය වූ 11.73% සමඟ, 2014 ජුනි මස නිකුත් කල වසර 30 ක බැඳුම්කරය නිකුත් කල අවස්ථාවෙිදී තීරණය වූ 11.75% පොළිය සන්සන්ධනය කොට ඇත. එහිදී, එතුමා උවමනාවෙන්ම වාගේ 2014 ජුනි මස සිට 2015 පෙබරවාරි 27 වන දින දක්වා වෙළදපොලෙහි සිදු වූ විශාල පොළී අනුපාත අඩු වීම පිළිබදව කිසිදු කරුණක් හෙලි නොකරයි. තවද, එතුමා අර්බුධයට ලක් වූ බැඳුම්කරය නිකුත් කරන විට ලබා දුන් පොලී අනුපාතය, සන්සන්ධනය කරන්නේ ඒ සදහා ගත යුතු නිවැරැදි පොළි අනුපාතිකය වන 8.85%, සමග නොව, 2014 ජුනි මස තීරණය වූ අනුපාතය සමගයි. එසේ කරමින් මහ බැංකුව විසින් 2014 ජුනී මස සිට 2015 පෙබරවාරි 27 දක්වා කාලය තුළ ආයෝජකයින්ට සෘජු ආයෝජන පහසුකම් යටතේ භාණ්ඩාගාර බැඳුම්කරය නිකුත් කරන විට, එම කාලය තුළදී, බැඳුම්කර නිකුත් කිරීම මෙතෙක් රාජ්‍ය ණය දෙපාර්තමෙින්තුව අනුගමනය කළ ප්‍රතිපත්තියට අනුව, නොකඩවා අඩුවූ පොළි අනුපාතය පිළිබදව, එතුමා කිසිවක් නොකියයි. එතුමා එසේ නොකීවත්, 2015 පෙබරවාරි 27 වන දින පැවති වෙන්දේසියට සතියකට පෙර, මහ බැංකුව විසින් සිදු කරන ලද සෘජු ආයෝජන පහසුකම් යටතේ, වර්ෂ 30 බැඳුම්කර ආයෝජකයින්ට ලබා දී ඇත්තේ 8.85% වැනි අඩු පොළි අනුපාතිකයක බව වාර්තා වලින් පෙනී යයි. එම නිසා, අගමැතිතුමාගේ ප්‍රකාශය මඟින්, රජයට 2015 පෙබරවාරි 27 බැදුමිකරය හරහා සිදු වූ සත්‍ය පාඩුව හිතාමතාම සැඟවීමට උත්සාහයක් ගෙන ඇති ස්භාවයක් පෙනෙන අතර, එය 2.98% ක අති දැවැන්ත අමතර පොළි වියදමක් වශයෙන් පෙන්වා දිය හැක. එමඟින් රජයට වැඩිපුර ගෙවීමට සිදුවන පොළි වියදම රුපියල් බිලියන වලින් ගණනය කිරීමට සිදුවන අති විශාල අගයක් බව දැන් පැහැදිළිය.


අගමැතිතුමාගේ ප්‍රකාශයෙහි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට ඉහතදී වෙන්දේසි වලට ඉදිරිපත් කළ බිල්පත් සහ බැදුමිකර වටිනාකමට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් සමහර වෙන්දේසි වලදී ලබාගෙන ඇති බව ද කියා ඇත. විශේෂයෙන්ම, 2014 පෙබරවාරි 14 දින, රුපියල් බිලියන 1 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කොට, රුපියල් බිලියන 11 ක් වෙන්දේසියේදී ලබාගත් බව එතුමා පවසා ඇත. එසේම, 2014 නොවැම්බර් 14 වන දින භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 2 ක් වෙන්දේසියට ඉදිරිපත් කොට, රුපියල් බිලියන 13.5 ක් වෙන්දේසියෙන් ලබා ගත් බවද එතුමා පවසා ඇත. මෙම සිදුවීම පැහැදිළි කිරීම සඳහා එම නිකුතු වල වැඩි විස්තර සැළකිය යුතු වනු ඇත.


දිනය පරිණත කාලය ප්‍රදානය කළ ප්‍රමාණය

(රු.බිලියන) වෙන්දේසියෙන් ලබා ගත් ප්‍රමාණය

(රු.බිලියන) පෙර වෙන්දේසියේදී තීරණය වූ පොළිය (%) අදාල වෙන්දේසියේදී තීරණය වූ පොළිය (%)


13.02.14 දින 182 1.0 11.067 7.00 6.92


14.11.14 දින 182 2.0 13.513 5.84 5.84


ඉහත වගුවෙි දක්වා ඇති ආකාරයට, ප්‍රදානය කළ ප්‍රමාණයට වඩා ඉහත කී වෙන්දේසි වලදී ලබා ගත් බව නිවැරැදිය. එහෙත්, ඒ අවස්ථා වලදී ගෙවනු ලැබූ පොළිය, ඊට පෙර වෙන්දේසියේදී ගෙවූ පොළියට වඩා අඩු හෝ සමාන මට්ටමක තබා ගෙන ඇති බව පැහැදිළිය. තවද, අගමැතිතුමා ඉදිරිපත් කළ ඉහත කී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසී වලදී වැඩි බිල්පත් ප්‍රමාණයක් ගැනීමට හේතු වූ කරුණක් විය හැක්කේ, රාජ්‍ය ණය වෙළඳපොළ කටයුතු වැඩි උචිචාවචනයකින් තොරව පවත්වාගෙන යාමට ඉවහල් වන ආකාරයට පොළි අනුපාතයේ අනවශ්‍ය ලෙස විශාල පහත වැටීමක් වලක්වා ගැනීම විය හැක. එහෙත්, 2015 පෙබරවාරි 27 දින නිකුත් කරන ලද බැදුමිකරය කෙසේ හෝ නිවැරැදිව නිකුත් කරන ලද්දක් බව පෙන්වා දීමට අගමැතිතුමා දැඩි උත්සාහයක් ගත්තද, එහිදී සිදුවූයේ ඉහත කී නිකුතු වලට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් වන බව ඉහත පෙන්වා දී ඇති කරුණු වලින් පැහැදිළිය. මක්නිසාදයත්, 2015 පෙබරවාරි 27 දින බැදුම්කර නිකුතුෙවිදී ගෙවනු ලැබුවෙි අඩු පොළියක් නොව, ඉතා අධික පොළියකි.


ඉහත කී විග්‍රහය මා කර ඇත්තේ, ප්‍රසිද්ධියේ පවතින තොරතුරු පදනම් කොට ගෙනය. ඊට අමතරව තව දුරටත් විශ්ලේෂණයක් අවශ්‍ය නමි, රාජ්‍ය ණය දෙපාර්තමෙින්තුව සතු ලිපි ලේඛණ වලින් තොරතුරු ලබා ගනිමින්, එවන් වඩාත් විස්තරාත්මක විශ්ලේෂණයක් කළ හැකිය. එමෙන්ම අගමැතිතුමා විසින් පත් කරන ලද, තම පක්ෂයේම නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලදවාර්තාව දැනට දින කීපයකට පෙර පාර්ලිමෙින්තුවෙිදී සභාගත කර තිබුණ නිසා, එම වාර්තාව තියුණු විශ්ලේෂණයකට ලක් කිරීමට මා අදහස් කරමි. ඒ නිසා, එම වාර්තාව පිළිබදව මා මෙි අවස්ථාවෙිදී කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවුනත්, ඉදිරි දින කීපය තුළදී ඒ පිළිබදවත් විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.


ඕනෑම රටක අධික උච්ඡාවචනයකින් තොරව, රාජ්‍ය ණය වෙළඳපොලක් පවත්වාගෙන යාම ආර්ථිකයට ඉතා වැදගත් වනු ඇත. ඒ අතර, විවිධ පරිණත කාලයන් වලින් සමන්විත, ආයෝජකයින්ට අවධානම් රහිත :රසින රෙැැ- පොළි අනුපාත ප්‍රමිතීන් :ඉැබජයප්රන ර්එැි- භාණ්ඩාගාර බිල්පත් සහ බැදුමිකර හරහා ස්ථාපනය කිරීමද වැදගත්ය. ඒ ආකාරයට, භාණ්ඩාගාර පොළී අනුපාතයන්, වෙළදපොලෙහි පවතින සියළුම මූල්‍ය උපකරණ වල මිළ නියම කිරීම සඳහා උපකාර වනු ඇත. එමෙන්ම, මූල්‍ය වෙළඳපොලෙහි එක් දිනක පොළී අනුපාතය :දඩැර-බසටයඑ ර්එැ- තීරණය කිරීම, පුද්ගලික සමාගම් නිකුත් කරන වර්ෂ 10 සමාගම් බැඳුම්කර පොළී අනුපාතය තීරණය කිරීම, සාමාන්‍ය ජනතාවට අවුරුදු 20 නිවාස ණයක් ලබා දීමේ පොළි අනුපාතය තීරණය කිරීම ඇතුලූ සියලු පොලී අනුපාත ගණනය කිරීමටත් ඒවා තුඩු දෙනු ඇත. මේ නිසා, රාජ්‍ය ණය වෙළඳපොලෙහි තීරණය වන අවධානම් රහිත පොළි වක්‍රය :හසැකා ජමරඩැ- යමෙකු කෘතිමව විකෘති කළහොත් හෝ එක් අයෙකුගේ් වාසියකට වෙනස් කලහොත් හෝ පවතින උද්ධමන අනුපාත සහ අනෙක් සාර්ව ආර්ථක දත්තයනට අනුකූලව හැසිරීය යුතු ආකාරයට පටහැණිව ක්‍රියා කරවීමට තැත් කළහොත් හෝ රටෙි මූල්‍ය වෙළඳපොළ විශාල අසම්මිතික තත්ත්වයකට භාජනය වනු ඇත. එසේම, රාජ්‍ය අය වැය මූල්‍යකරණයේදී බැංකු අංශයේ සහභාගිත්වය කෙරෙහිද මෙම පොලී අනුපාත බලපෑමක් ඇති කරනු ඇත. එමඟින් පුද්ගලික අංශයට බැංකු වලින් ලබාදෙනු ලබන ණය ප්‍රමාණය අඩු වැඩි වීමටද එම ක්‍රියාවලිය බලපානු ඇත. එහෙයින්, යමි ආකාරයකට අනවශ්‍ය ලෙස පොළී අනුපාතය වැඩි කිරීමට යමි කෘතිම ක්‍රියාවලියක් දියත් කළහොත්, ද.දේ.නි. 25% ක පමණ මට්ටමකින් පවත්වා ගැනීමට පුද්ගලික අංශය තුළින් බලාපොරොත්තු වන අයෝජනය, ඇති නොවන්නට පුලුවන. එවිට අප රට අද බලාපොරොත්තු වන ආර්ථීක වර්ධන වේගය වන 7.0% පවත්වා ගැනීමද අසීරු කාර්්‍යයක් වනු නොඅනුමානය. මෙම තත්ත්වය යටතේ, ආර්ථීකය තුළ රැකියා බිහිකිරීම කෙරෙහි සෘණාත්මක බලපෑමක්ද ඇති විය හැකි අතර, එමඟින් සාර්ව ආර්ථීක කළමණාකරණය කෙරෙහිද අහිතකර බලපෑමක් ඇති විය හැකිය.


ශ්‍රී ලංකා මහ බැංකුව, මාගේ නිල කාලය තුළදී, රටෙි නීතියත්, මුදල් මණ්ඩලය මගින් නිකුත් කොට ඇති නීති රීතිත් අනුගමනය කිරීම සදහා ගත යුතු සියලුම උත්සාහයන් මා ගෙන ඇති බව මා පැවසිය යුතු තවත් කරුණකි. එමෙන්ම, සෑම අවස්ථාවකදීම අප රටෙි ජාතික යහපත සදහාද, රටෙි කීර්තිනාමය රැකීම සදහාද, අප ආර්ථිකයේ දියුණුව තහවුරු කිරීම සදහාද, උපරිම කැපවීමෙන්, මා කටයුතු කොට ඇත. මා එසේ කළද, මාගේ නිල කාලය තුළදී සමහර දේශපාලඥයින් සහ අනිකුත් විරුද්ධවාදීන් විවිධ අවස්ථා වලදී මට සහ මහ බැංකුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා නඩු ගොනු කර ඇති බව කිව යුතුය. ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙි හෙජින් ගිවිසුමි සමිබන්ධයෙන්ද, සේවක අර්ථසාධක අරමුදලෙන් කොටස් වෙළදපොළේ කරන ලද ආයෝජන සමිබන්ධයෙන්ද, මහ බැංකුවෙි සංචිත පාලන දෙපාර්තමෙින්තුව ඔස්සේ ආයෝජනය කරන ලද ග්‍රීක බැදුමිකර සමිබන්ධයෙන්ද වූ නඩු ඒවා අතර වෙි. එහෙත්, ඉහත කී සෑම නඩුවකම ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු ආකාරයකට මාගේ ක්‍රියාවලියන් හෝ කටයුතු සමිබන්ධයෙන් කිසිදු වැරැද්දක් කිසිවිටෙක පෙන්වා දී නොමැති වීම මෙහිදී කැපී පෙනුණ ලක්ෂණයකි. තවද, මාගේ නිල කාලය තුළදී, පැහැදිළිව සහ ලිඛිතව ස්ථාපනය කොට ඇති ක්‍රියාවලි පද්ධතීන් :ිහිඑැපි- ඔස්සේ, මහ බැංකුව කටයුතු කර ඇති අතර, ඉහල මටිටමෙි අභ්‍යන්තර පාලන ක්‍රමවෙිදයක් සහ සුදුසු අනුමැති පද්ධතියක් හරහාද කටයුතු කර ඇති බව විවිධ පසුවිපරමි හරහා තහවුරු වෙනු ඇත. ඒ සදහා අවශ්‍ය වන පාලන රාමුව, මුදල් මණ්ඩලයේ අනුමැතියට යටත්ව, මහ බැංකුවෙි ඉහල නිලධාරීන් සකස් කර තිබීමද වැදගත් කරුණකිි. එම වාතාවරණය ඔස්සේ, මහ බැංකුවෙන් ලබා දෙන උපදෙස්, මහ බැංකුවෙි ගෙවීමි සහ ආයෝජන යනාදිය,එම පෙර නියම කරන ලද ක්‍රමවෙිදයන්ට යටත්ව සිදුව ඇතැයි විශ්වාස කළ හැක.තවද, මහ බැංකුවෙි සියලුම කාර්්‍යයන් බැංකුවෙි අභ්‍යන්තර විගණනයටද, අදාල නීතිරීතීන් අනුව කටයුතු කර ඇත්ද යන බව සහතික කිරීම සදහා පවතින ක්‍රමවෙිදය :ජදපචකස්බජැ පැජය්බසිප- ඔස්සේද සිදුවෙමින් පවතී.ඊට අමතරව, මහ බැංකුවෙි සියලුම මූල්‍ය ගණුදෙණු සහ අනිකුත් කටයුතු විගණකාධිපතිවරයා විසින්ද, මහ බැංකුවෙි ජාත්‍යන්තර විගණකාධිපති සමාගම වන අර්න්ස්ටි ඇන්ඩි යන්ග් විසින්ද, තියුණු අධීක්ෂණයට භාජනය වනු ඇත. ඒ අතර, කෝප් කමිටුව සහ කෝපා කමිටුව විසින්ද, පාර්ලිමෙින්තුවෙි පසුවිපරමටද මහ බැංකුව දිගින් දිගටම යටත් වෙනු ඇත. ජාත්‍යන්තරවද, මහ බැංකුවෙි ක්‍රියාත්මක වන වැදගත් ක්‍රමවෙිදීන් සහ ජාත්‍යන්තර ගණුදෙණු ක්‍රමවෙිදයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ පසු විපරමකටද :ෂඵත‍ ි්ෙැටම්රා ්ිිැිිපැබඑ-, මාගේ නිල කාලය තුළදී භාජනය කරන ලදී. මෙවන් විවිධ ආකාරයට, පසු විපරමි රාශියක් හරහාම සනාථ වූ එක් කරුණක් වන්නේ, මාගේ දින 3,100 ක් පමණ වන නිල කාලය තුළදී මවිසින් එක් අවස්ථාවකදීවත්, කිසිදු සැකයට තුඩු දෙන ක්‍රියාවලියක් කළා යැයි කිසිදු අධිකාරියක් විසින් චෝදනාවක් එල්ලවී නොමැතිවීම බව, මා මෙි අවස්ථාවෙිදී යමි ආඩම්බරයකින් වුවද පැවසිය යුතුය.


මාගේ වෘත්තීමය ජීවිතය, පෞද්ගලික අංශයේ අවුරුදු 33 කින්ද, රාජ්‍ය අංශයේ අවුරුදු 9 කින්ද, සමන්විත වන එකකි. එම දීර්ඝ කාලය තුළදී මට ඉහලින්, සමව සහ මා සමග, කටයුතු කළ සියලුම දෙනා හොදින් දන්නා පරිදි, මා ඉතා කාර්්‍යක්ෂමව සහ නීතිගරුකව මට හිමි වගකීමි ඉෂ්ට කොට ඇත. අවංකභාවය, සාධාරණත්වය, යහපත් පාලනය සහ වෘත්තීමය ක්‍රියාවලියකට මා ඉහල තැනක් දෙන බවද, ඔවුන් සාක්ෂි දරනවා ඇත. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුලු ජාත්‍යන්තර ආයතනද, මෙි වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6 ක පමණ මුදලක් ශ්‍රී ලංකාවෙි ණය මෙවලමි වල ආයෝජනය කොට ඇති ජාත්‍යන්තර ආයෝජකයන්ද, ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව සමග පසුගිය වසර 8 තුළදී ගණුදෙණු කොට ඇති ගෝලීය ආයෝජන බැංකුද, මාගේ නිල කාලයේදී මහ බැංකුව විසින් අනුගමනය කරන ලද ඉතා ඉහල අවංකභාවයද පාරදෘෂ්‍යභාවයද යහපත් පාලන ක්‍රමවෙිදයද සනාථ කරනු ඇති බවද මට විශ්වාසය.


පසුබිම මෙසේ තිබියදීත්, අගමැතිතුමා සහ තව කීප දෙනෙකු විසින් එල්ල කරනු ලබන චෝදනා මධ්‍යයේදී, මාගේ දින 3,100 පමණ නිල කාලයේදී කරන ලද වැඩ කටයුතු පාර්ලිමෙින්තු කාරක සභාවක් ඔස්සේ පූර්ණ පසුවිපරමකට ලක් කරන්නේ නමි, මා කැමැත්තෙමි. මා එසේ කියා සිටින්නේ අප රටෙි රාජ්‍ය මූල්‍ය අංශය පවතින්නේ පාර්ලිමෙින්තුවෙි අධීක්ෂණය යටතේ නිසාය. එසේ කරනවිට, මාගේ නිල කාලය තුළදී මහ බැංකුවටත්, අප ආර්ථිකයටත්, අප රටටත් දිනා ගන්නට හැකි වූ දැවැන්ත ඉතිරි කිරීමි සහ වාසීන් පිළිබදවත් කරුණු ඉදිරිපත් කරන්නට මා හට අවස්ථාවක් ලැඛෙි යයි මා සිතමි.


ඉහත යෝජනා කර ඇති ආකාරයටම, මා වෙත දිගින් දිගටම චෝදනා එල්ල කරන අයගේ අමාත්‍යාංශවලත්්, නව අධිපතිවරයා යටතේ මහ බැංකුවෙිත්, ඔවුන්ගේ් පළමු දින 125 නිල කාලය තුළදී ඒ අයගේ ක්‍රියාවලිය සහ කටයුතු කර ඇති ආකාරය පිළිබදවත්, පාර්ලිමෙින්තු තේරීමි කාරක සභාවක් ඔස්සේ පසු විපරමකට ලක් කිරීමට නිර්භීතව ඉඩ දෙන්න යැයි මා ඉල්ලීමක් කරමි. තවද, අප රටෙි දැනට විශාල ආන්දෝලනයකට තුඩු දී ඇති 2015 පෙබරවාරි 27 බැදුමිකරය සහ එයින් සිදුවූ දැවැන්ත හානිය පිළිබදව අධ්‍යනයක් පාර්ලිමෙින්තු තේරීමි කාරක සභාව අධීක්ෂණයට අමතරව, කෝප් සහ කෝපා කමිටු මගින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්ද, පසු විපරම් කරන්නට ඉඩ ලබා දියයුතු යැයි මා යෝජනා කරමි. එවන් ප්‍රයත්නයන්ට බාධා නොකරන ලෙසද, අදාල පුද්ගලයන්ගෙන් මා ඉතා ඔිනෑකමින් ඉල්ලා සිටිමි.


පසුගිය මාස කීපය තුළ, රාජ්‍ය ණය දෙපාර්තමෙින්තුවෙි ක්‍රියාවලියන් සහ පවතින පාලන පද්ධති පිළිබදව, කිසිදු වගකීමකින් තොරව දිනපතාම පාහේ චෝදනා එල්ල කරමින්, මහ බැංකුවෙි දශක ගණනක් තිස්සේ පැවති හොදින් අධ්‍යනය කොට, මනා ලෙස සකස් කරන ලද ඉහල මටිටමෙි ක්‍රමවෙිදයන්, රජයේ වගකිව යුත්තන් විසින් දැඩි විවෙිචනයට භාජනය කරන බවක් පෙනේ. යමි කෙටි කාලීන දේශපාලනික වාසීන් ඒ තුළින් ලබා ගැනීමට ඔවුන් අදහස් කළද, එලෙස වගකීමි රහිතව මහ බැංකුවෙි කීර්තිනාමය කෙලෙසමින්, මෙි කරගෙන යනු ලබන ක්‍රියාවලිය මා දකින්නේ නුවණක්කාර හෝ දූරදර්ශී ක්‍රියාවක් වශයෙන් නොවෙි. ඒ මන්ද කිවහොත්, එවැනි ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙන් සිදුවිය හැකි එක් ඉතා අවාසිදායක ප්‍රථිපලයක් නමි, එම අසත්‍ය තොරතුරු වලින් කමිපාවට පත්වන විදේශීය ආයෝජකයින්, සමහර විට හදිසියේම තමන්ගේ මුදල් ආයෝජන නැවත ගෙන යාමට ඇති ප්‍රවණතාවයි. අවාසනාවකට හෝ එවැන්නක් සිදු වුවහොත් එයින් අප රටෙි ආර්ථිකයටද, සංචිත ප්‍රමාණයටද, විනිමය අනුපාතයටද දැවැන්ත පීඩනයක් විදින්නට සිදුවිය හැකි බව, හිටපු අධිපතිවරයෙකු වශයෙන් මා මතක්කොට දීමටත් කැමැත්තෙමි.


2015 පෙබරවාරි 27 වන දින නිකුත් කරන ලද භාණ්ඩාගාර බැදුමිකරය කුමන හෝ ආකාරයකින් සාධාරණීකරණය කිරීමට අගමැතිතුමා මෑතකදී සිට දැඩි උත්සාහයක් ගන්නා බව, මුලු රටටම දැන් පැහැදිළිය. එම බැදුමිකරය පිළිබදව එතුමා එසේ කටයුතු කරන විටම, පසුගිය රජයෙන් සිදුවුනා යයි කියන ඔිනෑම දූෂණයක් හෝ අක්‍රමිකතාවයක් පසුපස ඉතා උනන්දුවෙන් සහ මහත් උද්යෝගයකින් හඹා යන්නට එතුමා ක්‍රියාකරන ආකාරය සෑම දෙනාටම හොදින් පෙනේ. එසේ නමි, එතුමා 2015 පෙබරවාරි 27 වන දින නිකුත් කරන ලද බැදුමිකරය පිළිබද කිසිදු ක්‍රියාවලියක් දියත් කරන්නට අකමැත්ත දක්වන්නේ, එම බැදුමිකර නිකුතුව කිසිදු වැරැද්දකින් තොරව, කිසිදු නීතියක් හෝ රීතියක් උල්ලංගණය නොකරමින්, කිසිදු පාඩුවක් සිදු නොකරමින්, ඉතා නිවරැදි සහ යහපත් කටයුත්තක් වශයෙන් පිළිගන්නා නිසා බව කෙනෙකු සිතන්නට ඉඩ ඇත. එහෙත්, එම බැදුමිකරය නිකුත් කරද්දී, රාජ්‍ය ණය නිකුතුවට අදාලව මුදල් මණ්ඩලය විසින් ලබා දී ඇති නීති රීති කීපයක්ම ඉතා පැහැදිළිව උල්ලංඝනය වී ඇති බවත්, මෙි වන විටත් රජයට අනාගතයේදී ගෙවන්නට සිදු වන වැඩිපුර පොළී ප්‍රමාණය පමණක්, විශේෂඥ විශ්ලේෂකයන්ට අනුව, රුපියල් බිලියන 47 කින් පමණ වැඩිවී ඇති බවත්, එමගින් අප රටෙි මුලු ආර්ථික ඉතිහාසයේම සිදුවී ඇති විශාලතම පාඩුව බවට එය දැනටමත් පත්වී ඇති බවත්, අගමැතිතුමාට අකමැත්තෙන් හෝ මතක්කර දිය යුතුමය.


අප රටෙි ආර්ථිකයේ යහපත සදහා, මෙම සත්‍ය තත්ත්වය අගමැතිතුමා හොදින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය. එහෙයින්, ඉහත දක්වා ඇති කරුණුද, අගමැතිතුමාට තව දුරටත් ලබා ගන්නට අවශ්‍ය තොරතුරුද පැහැදිළි කර ගැනීමද ඉතා වැදගත්ය. ඒ සදහා, සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ඔිනෑම දිනයක, එතුමාට සුදුසු යයි සිතන ඔිනෑම රූපවාහිනී නාලිකාවක, ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට සහභාගී වන්නට මා සූදානමි බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. - අජිත් නිවාර්ඩ් කබ්රාල්