SLBO Home About Us | To Advertise | Contact Us
Tue, 23 Apr 2024   22:19:59
අධිකම අතුරුපස:
11 Jun 2013 14:05:07
ඇමෙරිකානු ඩොලර් 14,500 විකිණෙන ලෝකේ මිල අධිකම අතුරුපස ලංකාවේ ෆෝට්‍රස් හෝටලයේ


පොසොන් 11, 2013 (SLBO) - ඇමෙරිකන් ඩොලර් මිලියන 1.65 ක් වටිනා ලෝකයේ දියමන්ති 223 කින් 2005 නත්තලට ජපන් ජාතික පේස්ට්‍රි කෝකියෙකු සෑදූ කේක් එකටත්, ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක් වටිනා ඇමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් හි ෆ්‍රෙන්ච් කුවාර්ට් හි ආනඩ් ආපනෂාලාවේ කැරට් 4.7 ක හිටපු ජුදා උරුමයකින් එන බ්‍රිතාන්‍ය ධානපතියෙකු වූ සර් අර්නෙස්ට් කැසෙල් ගේ මුද්දක් වටකරගත් ස්ට්‍රෝබෙරීස්-සුත් පරදා, රත්රන් වලටත් වඩා වටිනා ප්ලැටිනම් (සුදු රත්රන්) මාල වලින් වටකරගත් ඇමෙරිකන් ඩොලර් 130,000 වටිනා අතුරුපසටත්, කැරට් 23 ක අනුභව හැකි රත්රන් ග්‍රෑම් 5ක් සහ කැරට් එකේ සුදු ඩයමන්ඩ් ගල් ඇල්ලූ කැරට් 18 රත්රන් බ්‍රේස්ලට් සමග එන 2007 දී ගිනස් පොතට ගිය සෙරෙන්දිපිටි 3 සහ සුපිරි රන් සහ මැණික් ආභරණ භාණ්ඩ අලෙවි කරුවෙකු වෙන එයුෆොරියා විසින් නිමවූ ලොව ගණන්ම කොකෝවා 28 සහිත 'Frrozen Haute Chocolate' හෙවත් ෆ්‍රොසන් හොට් චෝකොලට් වැනි ලොව මෙතෙක් එක වරක් පමණ සෑදූ අතුරුපසවල් සියල්ලම පරදා ලෝකේ නිතරම වැඩියෙන් විකුණන අතුරුපසක් හැටියට ලංකාවේ තරු හයේ හෝටලයක් ලෙස සැලකෙන වැලිබෙල් වන් සභාපති ධම්මික පෙරේරාගේ ෆෝට්‍රස් හෝටලයේ ඇමෙරිකානු ඩොලර් 14,500 විකිණෙන මිල අධික අතුරුපස හැඳින්විය හැක.


'ස්ටිල්ට් ෆිෂර්මන්' අතුරුපස. 'Stilt Fisherman Indulgence' Desert of The Fortress Resort & Spa, Galle.

'ස්ටිල්ට් ෆිෂර්මන්' අතුරුපස සම්බන්ධව ෆෝට්‍රස් හෝටලයේ වෙබ් අඩවියෙන්. Go to this Link
About the 'Stilt Fisherman Indulgence' from the Official Website of The Fortress Resort & Spa, Galle.


ෆෝට්‍රස් හෝටලයේ වයින්ත්‍රී ආපනෂාලාවේ ලබාදෙන එහි විශේෂත්වය නම්, අතුරුපස තුල සිටින චොක්ලට් වලින් නිමවූ සම්ප්‍රදායික දකුණු ලක බිලිපිත්තෙන් මාළු බාන රිටි පන්න ධීවරයා කැරට් 80 ක ඇක්වමරයින් නිල් මැණික් ගලක් මත කකුල තැබීමට ඔන්න මෙන්න වගේ සිටීමයි.

නමින් ස්ටිල්ට් ෆිෂමෙන් ඉන්ඩල්ජෙන්ස් (රිටි පන්න ධීවරයාගේ තෘප්තිය යන අර්ථ දෙන ) අයිරිෂ් ක්‍රීම් සහ ගෝල්ඩ් ලීෆ් වලින් සෑදූ ඉටැලියන් කසාටා ඇති මේ අතුරුපස අඹ සහ දෙළුම් කොම්පෝට් එකක් සමග ෂැම්පේන් සබයොන් එකකින් නිමවිතයි.මෙහි වටිනාකම නම් අතුරුපස අනුභවයෙන් පසු කැරට් 80 ක ඇක්වමරයින් නිල් මැණික් ගල අතුරුපස වැළඳූ පුද්ගලයාට ගෙදර ගෙනයාමට හැකි වීමයි.

ලොව සුපිරි හෝටල් අතරට එක්වෙන ශ්‍රී ලංකාවේ ගාල්ලේ ෆෝට්‍රස් හෝටලයේ එක රාත්‍රියකට ෆෝට්‍රස් රේසිඩෙන්ස් නම් කාමරයක් ඩොලර් 1350 ටත්, ඕෂන් ලොෆ්ට් කාමරයක් ඩොලර් 615 ටත්, බීච් ස්පලෑෂ් කාමරයක් ඩොලර් 505 ටත්, බීච් රූම් එකක් ඩොලර් 450 කටත්, ෆෝට්‍රස් රූම් එකක් ඩොලර් 275 කටත්, ඕෂන් රූම් එකක් ඩොලර් 380 කටත් විකිණේ.ඒ බදු අමතර වියදම් හැරුණුකොටය.

ගෙවුණු 2013 මාර්තු 31 වෙනිදායින් අවසන්වූ මුල්‍ය වසරට රුපියල් මිලියන 577.72 අදායම් ලැබූ ෆෝට්‍රස් තම අදායම් පසුගිය වසරට වඩා 24% වැඩි කර ගැන ඇති අතර වෙළඳාම් සඳහා වියදම් වශයෙන් 2012 මාර්තු 31 වෙනිදාට සාපේක්ෂව 22% කින් වැඩි කරමින් 2013 මාර්තු 31 වෙනිදාට රුපියල් මිලියන 145.09 යක් වැය කොට ඇත. රුපියල් මිලියන 251.27 ක පරිපාලන වියදම් 16% ඉහල යාමක් වෙන අතර ෆෝට්‍රස් 2013 මාර්තු 31 වෙනිදාට විගණනය කළ ගිණුම් වල හැටියට රුපියල් මිලියන 162.27 ක බදු පෙර ලාභයක් ලබා ඇත්තේ 78% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි. කෙසේ වෙතත් හෝටලය පසුගිය 2012 මාර්තු 31 වෙනිදාට සාපේක්ෂව රජයට ගෙවූ බදු මුදල් 1,897% වැඩි කරමින් රුපියල් ලක්ෂ 2.37 (2012) ට ඉහල රුපියල් මිලියන 4.73 ක් 2013 මාර්තු 31 වෙනිදාට ගෙවා ඇත.

ෆෝට්‍රස් තම බදු පසු ලාභය 74% වැඩි කරමින් 2013 මාර්තු 31 වෙනිදාට රුපියල් මිලියන 157.54 වාර්තා කර ඇති අතර සමාගමේ කොටසක ට සාපේක්ෂ ලාභය සත 82 සිට රුපියල් 1.42 දක්වා ඉහල ගොස් ඇත. රුපියල් බිලියන 1.49 ක් වෙන සමාගමේ මුළු වත්කම් අගය කොටසකට සාපේක්ෂව රුපියල් 8.20 සිට 9.62 දක්වා ඉහල ගොස් ඇත.

වර්තමානයේ ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ධම්මික පෙරේරා ෆෝට්‍රස් හෝටලයේ 9.31% හෙවත් ඡන්ද හිමි කොටස් 10,329,317 ක අයිතිය දරන අතර ඔහුගේ වැලිබෙල් ලෙෂර්, වැලිබෙල් වන්,වලිබෙල් පවර් එරත්න සහ එල්බී ෆිනෑන්ස් එක්ව තවත් කොටස් මිලියන 49 ක (42.35%) පමණ අයිතිය දරයි. සමාගමේ මුළු කොටස් 110,886,684 කින් 52.66% අයිතිය ධම්මික පෙරේරා ප්‍රමුඛ සමාගම් හිමි අතර ඩිල්මා ටී සභාපති මෙරිල් ජේ. ප්‍රනාන්දු ගේ එම් .ජේ.එෆ්. හෝල්ඩින්ග්ස් 28,616,411 කොටස් හෙවත් 25.807% අයිතිය හිමිකරගෙන ඇති අතර මෙරිල් ජේ. ප්‍රනාන්දු 1.916% හෙවත් කොටස් 2,124,400 කත්, ඔහුගේ දෙටු පුත් මලික් ජේ. ප්‍රනාන්දු 0.752% හෙවත් කොටස් 833,333 හිමිකම් කියයි.

ඇක්වමරයින් නිල් මැණික්

හොඳින් කැපූ පැහැදිලි දිස්නය දෙන ඇක්වමරයින් නිල් මැණික් ගලක කැරට් එකක් ලෝක වෙළඳපොලේ රුපියල් 16,750 කට හෙවත් ඇමෙරිකානු ඩොලර් 134 කට පමණ අලෙවි වන අතර, ෆෝට්‍රස් හෝටලයේ වයින්ත්‍රී ආපනෂාලාවේ කැරට් 80 ක ඇක්වමරයින් නිල් මැණික් ගලක අවම වටිනාකම ඇමෙරිකානු ඩොලර් 10,720 හෙවත් රුපියල් මිලියන 1.34 ක් ලෙස මිල කල හැක.

ගැඹුරු භාවනාවට සහ ආත්මීය ජීවිතයේ පැවැත්මට පැලඳීමට සුදුසු යයි පිළිගන්නා ඇක්වමරයින් නිල් මැණික් නිලට සහ කොළට හුරු වෙන අතර 'මුහුදේ ජලය' යන නාමයෙන් මැණික් විශේෂඥයින් ලොව වටා හඳුන්වයි.නාවිකයන් අතීතයේ විශ්වාස කලේ සහ තවමත් විශ්වාස කරන්නේ ඔවුන්ම ජල විපත් වලින් ඇක්වමරයින් නිල් මැණික් ආරක්ෂා කරන බවටත්, මිනිසුන් ව ඕපා දූප වලින් වලකා ලන බවටත් ය.

බෙරිල් මැණික් කුලයට අයත් ඇක්වමරයින් නිල් මැණික් වලට නම් වැටි ඇත්තේ ලතින් භාෂාවෙන් මුහුදු ජලයට කියන නම ඇසුරිනි. ඇක්වමරයින් නිල් මැණික් නිල් ටොපෑස් වලට වැඩ දුර්ලභ සහ වටිනවකමින් යුතුය. එමෙරල්ඩ් මැණික් වලට කිට්ටු නෑකමක් දක්වන ඇක්වමරයින් නිල් මැණික් බෙරිල් කුලයේ මොර්ගනයිට් සහ යෙලොව් බෙරිල් වලටත් සම්භන්ද කම් දක්වයි.









ඉහතින් දැක්වෙන්නේ ලංකාවේ රත්නපුර ප්‍රදේශයේ පතලකින් සොයාගත් දැනටත් රුපියල් ලක්ෂ 6 කට මිල කර ඇති නොකපපු ඇක්වමරයින් නිල් මැණික් ගලකි. එහි කැරට් 1400ක් හෙවත් ග්‍රෑම් 280 පමණ බරට මැණික් ඇත. මෙය මිලදී ගැන්මට SLBO හි මෙම වාර්තාව සකස් කල දේවේන්ද්‍ර ෆ්‍රැන්සිස්කෝ අමතන්න.

Priced at US $ 14,500 and offered by the Wine3 restaurant in The Fortress Resort & Spa - Galle, a Sri Lankan luxury hotel - owned by Business Magnate Dhammika Perera of Vallibel One PLC (VONE)- said to be the only 6 Star Hotel in the Island, this dessert is an Italian cassata made with gold leaf and Irish cream. It's served with a mango and pomegranate compote, a champagne sabayon enlighten and, most notably, a chocolate sculpture of a stilt fisherman sitting over an 80-carat Aquamarine.

The desert still rank as the highest selling most expensive desert in the world as it let the consumer to take the 80-carat Aquamarine home as soon as the dish is finished.

Aquamarine stones are generally valued at US $ 134 per carat in the global marketplace. Accordingly a very clear 80 carat Aquamarine will be valued around US $ 10,720 or Sri Lankan Rs.1.34 Million.

Shown in this article are some photos of a 1400 carat or 280 grams Uncut Aquamarine that is for sale for Rs.600,000 in Sri Lanka.The stone was discovered from one of the Gem Mines in Ratnapura.

Please contact the writer of this Article - Devendra Francisco of SLBO for further details.