SLBO Home About Us | To Advertise | Contact Us
Fri, 19 Apr 2024   22:34:42
'සොඳුරු අතීතය':
11 May 2013 02:28:01
ටී.එම්. ජයරත්න ගේ පළමු ඒක පුද්ගල ප්‍රසංගය


වෙසක් 11, 2013 (SLBO) - ටී.එම්. ජයරත්න ගේ පළමු ඒක පුද්ගල ප්‍රසංගයේ සියලු ප්‍රේක්ෂකයන්ව සොඳුරුම සොඳුරු අතීතයකට ගෙනගිය 'සොඳුරුම' මොහොතවල් කීපයක්...



මෙරට ගීත සාහිත්‍යයේ සුවිශේෂී පර්ච්ඡේදයකට හිමිකම් කියනු ලබන ජ්‍යෙෂ්ඨ සංගීතවේදී ටී.එම්. ජයරත්නයන්ගේ පළමු ඒක පුද්ගල සංගීත ප්‍රසංගය "සොඳුරු අතීතය" මැයි මස 11 වන දින කොළඹ මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. දශක පහකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සුභාවිත ගීතයේ උන්නතිය වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටු කළ ටී.එම්. ජයරත්නයන්, මෙලෙස ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වනුයේ සිය ජීවිතයේ පළමු වතාවට වීම විශේෂත්වයකි.



ටී.එම්. ජයරත්නයන්ගේ මෙම ඒක පුද්ගල ගී ප්‍රසංගය සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ සත්යේන්ද්‍ර විජයපුර සහ ඩිලානි විජයපුර යුවළයි. ඒ සඳහා පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් විජයපුර මහතා කියා සිටියේ තමන් ටී.එම්. ජයරත්න ගායකයාණන්ගේ ගීතවලට ඉමහත් ඇල්මක් දක්වන රසිකයෙකු බවත්, මෙවැනි ප්‍රසංගයක් සඳහා එතුමාගේ කැමැත්ත ලබා ගැනීමට තමන්ට දැඩි ආයාසයක් දැරීමට සිදුවූ බවත්ය. එසේම “සොඳුරු අතීතය“ සංගීත ප්‍රසංගයේ අනුග්‍රාහකයා වශයෙන් තමන්ව හඳුන්වනවාට වඩා මෙම ප්‍රසංගයේ පහසුකම් සලසන්නා වශයෙන් තමාව හඳුන්වන්නේ නම් තමා වැඩි කැමැත්තක් දක්වන බවත් ඔහු මෙහිදී කියා සිටියේය. මන්ද ප්‍රසංගයට අවශ්‍ය මූල්‍ය දායකත්වය තමන් විසින් ලබා දෙනවා මිස ප්‍රසංගයේ වෙනත් කිසිදු කටයුත්තකට තමන් විසින් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බැව් ඔහු මෙහිදී කියා සිටි බැවිනි.

ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වීමට මෙතරම් ප්‍රමාද වීම පිළිබඳව අදහස් දක්වමින් ටී.එම්. ජයරත්න මහතා මෙහිදී කියා සිටියේ, තමන් පරිණත ගායකයෙකු වනතෙක් එවැනි භාරදූර කටයුත්තක් වෙනුවෙන් මුලපිරීමට තමන් පසුබට වූ බවයි. එසේම එවැනි ගීත ප්‍රසංගයක් පැවැත්වීමට අවශ්‍ය සුදුසුකම් සියල්ලක්ම පාහේ මේ වන විට තමන් විසින් සපුරා ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු මෙහිදී පැවසීය.



























































මේ ප්‍රසංගය පිළිබද වැඩි විස්තර www.sonduruatheethaya.com වෙබ් අඩවියෙන් ලබා ගත හැක.