SLBO Home About Us | To Advertise | Contact Us
Thu, 28 Mar 2024   02:04:26
රත්රන් විකුණන දේවගැති - ආධිපාදවරයා?:
17 Apr 2013 20:28:51
ලෝක ආර්ථික සමුළුවත් පිළිගත්, ලොව ධනවතුන්ගේ සඟරාව වෙන ෆෝබ්ස් පවා පිළිගත් ගෝල්ඩ් කුවෙස්ට් ඇරඹු විජය


බක් 17, 2013 (SLBO) - වසර 2005-2006 කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් හෙවත් රුපියල් බිලියන 1.5 ක් (ලක්ෂ 15,000) පමණ රටින් පිටරටට ගලා යාමට සැලැස්වූ මෙන්ම ලාංකීය රජයට සහ ආර්ථිකයට මහත් පරිහානියක් සිදුකල ගෝල්ඩ් කුවෙස්ට් නම් බහුතල අලෙවිකරණ පිරමීඩ ක්‍රමය ලොවට හඳුන්වා දුන් මහා මොලකරු විජය ඊශ්වරන් මෑත කාලයේදී ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර මේ වසරේ ජනවාරි 23-27 වන දිනයන්හි පැවැත්වුණු 2013 ලෝක ආර්ථික සමුළුවේද පෙනී සිටින ලද්දේ ලොව වැදගත් කියා යයි සැලකෙන නායකයන් සහ බුද්ධිමතුන් 2500 පමණ සහභාගී වෙන වාර්ෂික සමුළුවකටය.

විජය ඊශ්වරන් ලෝක ආර්ථික සමුළුවේ
2010


2013





විජය ඊශ්වරන් මැල්කම් ස්ටීවන්සන් 'ස්ටීව්' ෆෝබ්ස් සමග



එහිදී අතීතයේ රෝම අධිරාජ්‍යයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වූ මෙන්ම ලෝක ඉතිහාසයේම ආර්ථික කේන්ද්‍රස්ථානයක් වූ - කොන්ස්තාන්තිනෝපෝලය - හෙවත් පසුව තුර්කියේ ඔටෝමාන් වරුන්ගේ බලයට නතුවීමෙන් පසු ඉස්තාන්බුල් ලෙස නම් වෙනස්වූ තුර්කි අගනුවර 2023 වන විට ලෝකයේම ආර්ථික මධ්‍යස්ථානය බවට පත්කිරීමේ දූරදර්ශන වැඩපිළිවෙල වෙනුවෙන් වර්තමාන ලොව ප්‍රාඥයන් සමග සමුඛ සාකච්ඡාවකට ද විජය ඊශ්වරන් සහභාගී විය.

ලොව ප්‍රභූ මෙන්ම ධනවත් ව්‍යාපාරිකයන් ගේ ආදර්ශමත් සඟරාව වෙන ෆෝබ්ස් සඟරාවේ අයිතිකරු වෙන මැල්කම් ස්ටීවන්සන් 'ස්ටීව්' ෆෝබ්ස් ව ලෝක ආර්ථික සමුළුවේ දී විජය ඊශ්වරන් ට හමුවිය. ඒ සමගම ටික දිනකින් මැලේසියාවේ ධනවත් ම පුද්ගලයන් 50 දෙනා අතර 25 වෙනි තැනට ෆෝබ්ස් ඒසියා සඟරාව විජය ඊශ්වරන් ව නම් කර හඳුන්වා දෙන ලදී. තවද 2011 ජුලි මස දී ෆෝබ්ස් ඒසියා සඟරාව විජය ඊශ්වරන් ව ආසියානු කලාපයේ ජනහිතකාමී වීරයන් 48 දෙනා අතරට නම් කරන ලදී.

විජය ඊශ්වරන් ගේ යු ටියුබ් චැනලය



නේපාලයේ,ඉරානයේ මෙන්ම ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල පවා තහනම් කර ඇති විජය ඊශ්වරන් ගේ ගෝල්ඩ් කුවෙස්ට් ව්‍යාපාරය සමග යම් හෙයකින් වෙළඳ හෝ වාණිජ්‍යමය හො මූල්‍යමය වශයෙන් සබඳතා පැවැත්වුවහොත් හෝ ගෝල්ඩ් කුවෙස්ට් ව්‍යාපාරයේ වෙළඳ භාණ්ඩ විකිණීම ප්‍රචලිත කළහොත් - ශ්‍රී ලංකාවේදී - වසර තුනකට සිර බත් කල හැක්කේ මෙරටෙහි නීතිය අනුවය.

සමහර විශ්ලේෂකයන් මෙන්ම නියම උගතුන් දක්වා සිටින්නේ ගෝල්ඩ් කුවෙස්ට් වැනි බහුතල අලෙවිකරණ පිරමීඩ ක්‍රමය හඳුන්වා දුන් විජය ඊශ්වරන් වැන්නන් ලෝක ආර්ථික සමුළු වල පිළිගැනීම, විද්වතුන් සමග සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වීම, ෆෝබ්ස් වැනි සුප්‍රසිද්ධ ලොව අංක එකේ පිළිගත් ව්‍යාපාරික සඟරා වල උලුප්පා දැක්වීම හාස්‍යට කාරණාවක් මෙන්ම ලෝක ආර්ථික න්‍යාය සහ ප්‍රතිපත්ති මෙන්ම ලෝකයේ පිළිගත් මහා පරිමාණ ආර්ථික සංවිධාන හාස්‍යට ලක්කරන කාරණයක් බවයි.


ග්‍රාමීන් ක්‍රමය ලොවට හඳුන්වා දුන් මහාචාර්ය මොහොමඩ් යුනුස් සමග (පසුව 2008 ලෝක ආර්ථික අවපාතයත් සමග ග්‍රාමීන් ක්‍රමය බංග්ලාදේශයේ මෙන්ම ලංකාවේද බිඳවැටී ගිය අතර ගිනි පොලි ගන්න සහ ලබාදෙන මූල්‍ය ක්‍රමයක් බැවින් එය දෙරටේම මහා බැංකු සහ මූල්‍ය වෙළඳපොල අධීක්ෂණයට නතුවිය)

තවද අන්තර්ජාතික පොලිසිය පවා විජය ඊශ්වරන් ව ඇල්ලිලීමට වරෙන්තු නිකුත් කර ඇති බව ලොව කවුරුත් දන්නා කරුණකි.

ඒ එසේ තිබියදීත් ලෝකේ ඕනෑම දේශපාලන අපරාධකාරයකුට මෙන්ම වංචාකාරයන්ට පවා අරාක්ෂාව සහිතව කල් ගත කර හැකි මැලේසියාවේ විජය ඊශ්වරන් ජීවත් වෙයි. ඒ වගේම ඔහු තවමත් ලංකාවේ ප්‍රමුක පෙලේ ආයෝජන බැංකුවක් වෙන ඒෂියා කැපිටල් සමාගමේ වැඩිම තනි අයිතිය දරන කොටස් මිලියන 96.03 කට වඩා (96,039,747) හෙවත් 87.31% හිමිකරු වෙන අතර එහි වර්තමාන වාණිජ වටිනාකම රුපියල් බිලියන 2.94 වඩා වැඩිය (ලක්ෂ 29,424 වඩා ). තවද විජය ඊශ්වරන් ගේම 'කියු අයි' හි තවත් ඥාති සමාගමක් වෙන 'ෆාස්ට් ගේන් ඉන්ටනැෂනල්' සමාගමට ඒෂියා කැපිටල් කොටස් 5,425,748 (මිලයන 5.4 කට වඩා) හිමිය.

කියු නෙට් යනු 1998 දී විජය ඊශ්වරන් ඇරඹු කියු අයි සමුහ ව්‍යාපාරයේ ප්‍රථම අනු සමාගමයි. මුලින් ගෝල්ඩ් කුවෙස්ට් වූ කියු අයි සමුහ ව්‍යාපාරය පසුව කුවෙස්ට් නෙට් වී (2003 දී) ආයෙත් 2010 වෙනවිට කියුනෙට් විය.

2006 වසරේ අන්තිම භාගයේදී මැලේසියාවේ පහන්' ප්‍රාන්තයේ සුල්ටාන්වරයා වෙන සුල්ටාන් අහමෙඩ් ෂාහ් ගේ උතුම්ම ගරු බුහුමන් සම්මානය වෙන නයිට් පදවිය වෙන 'දාරාහ් ඉන්දෙර මහ්කොට පහන්' ' නම් 'දාතෝ' පදවිය විජය ඊශ්වරන් ට හිමිවුයේ පහන්' ප්‍රාන්තයේ ආර්ථික වර්ධනයට කල සේවය වෙනුවෙනි.

උතුරු ඇමෙරිකාවේ, ලතින් ඇමෙරිකාවේ සහ මැලේසියාවේ ව්‍යාපාරික ශාඛා ඇති ස්විට්සර්ලන්තයේ - බාරෙස්ට්‍රසේ නුවර ලිපිනයක් දක්වන අන්තර්ජාල යෙන් මුදල් ගෙවා 'මහාචාර්ය පදවි' ලබාගත හැකි ඔන්ලයින් උපාධි දෙන 'සුවිස් මැනේජ්මන්ට් සෙන්ටර්' හි ට්‍රාන්ස්නොලොජි කැම්පස් එකෙන් කළමනාකරණය (මැනේජ්මන්ට්) පිලිබඳ ඔන්ලයින් මහාචාර්ය පදවියක් ද විජය ඊශ්වරන් ලබාගෙන ඇත.


විජය ඊශ්වරන් ඔන්ලයින් මහාචාර්ය පදවිය ලබාගනිමින්

විජය ඊශ්වරන් ගේ බිරිඳ උමායල් ඊශ්වරන් වෙන අතර ඇය විජයරත්නම් ෆෞන්ඩේෂන් නම් රාජ්‍ය නොවන උදව් උපකාර කරන සංවිධානයේ සභාපතිනියයි.

විජය ඊශ්වරන් ගේ ෆේස්බුක් පේජ් එක. Vijay Eswaran's Facebook Page


රෝමානු කතෝලික දහමේ සහ ක්‍රිස්තියානි දහමේ කැඩීගිය ආගමික සභාවක පාස්ටර් කෙනෙකු ලෙස පෙනිසිටිමින් විජය ඊශ්වරන් 'එකම දෙවියන් වහන්සේ' ගැන දේශනා පවත්වමින් මැලේසියානු ජානතාවට 'දෙවියන්ගේ මානුෂික නියෝජිතයෙකු' මෙන් පෙනිස්ටින්නේ විජය ඊශ්වරන් ගේ කියූ අයි සමාගමේ සුපිරි භාණ්ඩ (රත්රන් කාසි, ප්ලැටිනම් මාල, රත්රන් භාණ්ඩ, අධික මිල ඔරලෝසු) ද විකුණමින් ය. ගෝල්ඩ් කුවෙස්ට් මහා මොළකාරයා ආගමක් සම්බන්ධ පාස්ටෝර් වරයෙකු වීම එය ලොව වටා සිටින 'එකම දෙවියන්ව' විශ්වාස කරන රෝමානු කතෝලිකයන්ට සහ ක්‍රිස්තියානි දහමට කරන නිග්‍රහයක් බවද බොහෝ භක්තිකයන් පෙන්වා දෙති.

- ලියුවේ දේවේන්ද්‍ර ෆ්‍රැන්සිස්කෝ විසිනි -