SLBO Home About Us | To Advertise | Contact Us
Fri, 29 Mar 2024   19:04:35
ස්නැක් රම්බා :
29 Mar 2013 18:42:17
නව පරපුරේ ස්නැක් රටාව අලූත් මඟකට ගෙන එන රම්බා - 'Ramba'


අලුත් පරපුරට අලුත් තාලේට අලූත් ආකාරයේ ස්නැක් එකක්.....

මැදින් 29, 2013 (SLBO) - නව පරපුරේ ආහාර රටාවන් අලූත් මඟකට යොමු කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට Snack එකක් ලෙස CBL සමූහයට අයත් කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා සමාගම (Convenience Foods (Lanka) PLC) විසින් නිෂ්පාදනය කරනු ලබන රම්බා (Ramba) පසුගියදා වෙළඳපොලට එක්විය.රම්බා රස 6කින් මෙසේ වෙළඳපොලට එක්ව තිබේ. චොක්ලට් රසයෙන් යුත් රම්බා චොකොබ්ලොබ්ස් සහ චොකොමෙල්ට්ස් ලෙසත්, ස්ට්‍රෝබෙරි රසයෙන් යුත් රම්බා චන්කිබෙරීස් ලෙසත්, Snack රසයෙන් යුත් රම්බා බ්‍රෙඞ්චිප්ස්, චීස් රසයෙන් යුත් රම්බා චීසස් සහ කුරුදු රසයෙන් යුත් රම්බා සිනමන්ස්ටික්ස් ඒ අතර පවතියි. ග‍්‍රෑම් 20 ඇසුරුමින් වෙළඳපලට නිකුත් කර ඇත. මෙලෙස රස රැසකින් පවතින රම්බා ඉදිරියේදී තවත් පුළුල් පරාසක විහිදුනු වර්ග කිහිපයකින් වෙළඳපල වෙත හදුන්වා දීමට නියමිතයි.

නිතර නිවසේ නොරැඳෙන අපේ නව පරපුරේ ආහාර රටාවන් වර්ථමානයේ ක්‍ෂණික ආහාර වෙත ඇදී ගොස් පවතියි. තරුණ පරපුරේ ආකර්ශණය සහිත එම ඇතැම් ක්ෂණික ආහාර සිරුරට අහිතකර ප‍්‍රතිඵල ඇති කරවීමටද ඉඩ පවතියි. මෙවැනි තත්ත්වයක් හමුවේ සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් Convenience Foods (Lanka) PLC රම්බා නිෂ්පාදනයට පියවර ගන්නා ලදී. බොහෝමයක් ක්‍ෂණික ආහාර වලට වඩා ඉතා පහසුවෙන් ආහාරයට ගතහැකි මෙන්ම ප‍්‍රණීත රසයකින් සහ විවිධ හැඩයෙන් යුත් රම්බා නව පරපුර වෙනුවෙන්ම නිර්මාණය වූවකි. විශේෂයෙන්ම තරුණ පරපුරේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් පෝෂණ ද්‍රව්‍යද අඩංගු කරමින් යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා පහසුවෙන් රසවිඳිය හැකි ආහාරයක් ලෙස රම්බා වෙළඳපොලට එක්ව තිබේ. රසය පමණක් නොව සතුට විනෝදය කැටිකරගත් රම්බා ප‍්‍රබෝධමත්ව කාලය ගත කිරීමටත් ඉවහල් වේ.

ඉරිඟු, සහල් සහ වෙනත් අමුද්‍රව්‍ය අඩංගු කර එක්ස්ට්රූෂන් (Extrusion) තාක්ෂණය යටතේ පිළියෙළ කර වෙළඳපලට නිකුත් කරනු ලබන රම්බා මිනිස් ස්පර්ෂයෙන් තොරව ඉතා සුරක්ෂිතව යන්ත‍්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරනු ලබන හෙයින් සෞඛ්‍යාරක්ෂිතව හා පිරිසිදු තත්ත්වයෙන් ඉහළ මට්ටමක පවතියි. අමුද්‍රව්‍ය වල පවතින පෝෂ්‍ය පදාර්ථ වලට අමතරව විටමින, ඛණිජලවණ එහි අන්තර්ගතව තිබීමද විශේෂත්වයකි. එහි මෘදු බව හා හැපෙනසුළු බව ගැඹුරු තෙල් සම`ග බැදීමෙන් නොව උදුනේ වියළීම හෙවත් ඊ්නැ කිරීම මගින් ලබා ගෙන තිබේ.

නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් Convenience Foods (Lanka) PLC හි කළමණාකරන අධ්‍යක්ෂ තිලංක ද සොයිසා මහතා සඳහන් කළේ දේශිය ආහාර භෝග වල පෝෂණය නව තාක්ෂණය අනුව කැටිකරමින් ඉහළ ප‍්‍රමිතියෙන් යුතුව රම්බා නිෂ්පාදනය කරනු ලබන බවයි. අධික තෙල් සහිත ගැඹුරු තෙලෙහි බදින ලද ක්ෂණික ආහාර වෙනුවට පහසුවෙන් ආහාරයට ගැනීමට හැකි රසය, විනෝදය පිරුණු හුරුබුහුටි ආහාරයක් ලෙස රම්බා ඉදිරිපත් කල බව තිලංක ද සොයිසා මහතා ප‍්‍රකාශ කළේය.

රම්බාහි ආගමනය පිළිබඳ අදහස් දක්වමින් Convenience Foods (Lanka) PLC අලෙවි සාමාන්‍යාධිකාරි වසන්ත චන්ද්‍රපාල මහතා සඳහන් කළේ "පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යට හිතකර ජීවන රටාවක් ඇති කිරීමට රම්බා තුළින් හැකියාව ලැබෙන බව අපේ විශ්වාසයයි. විශේෂයෙන් නාගරික ජනතාව මෙතෙක් භාවිතා කල සිරුරට අහිතකර ආහාර රටාවන් වලින් ඔවුන් මුදා ගැනීමට රම්බා හොඳ ආරම්භයක් වනු ඇත. විශේෂයෙන්ම ජවය පිරි අපේ තරුණ පරම්පරාවටත්, දරුවන්ටත් විනෝදය ගෙන දෙන අලූත් අත්දැකීමක් එක්කරන්නට රම්බා වලට හැකියාව ලැබෙනු ඇත" යන්නයි.

නව්‍ය නිෂ්පාදන හදුන්වාදීමේ ප‍්‍රමුඛතම ආහාර නිෂ්පාදන සමාගමක් වන සිලෝන් බිස්කට්ස් සමාගම දේශිය වෙළඳපල තුළ පෙරමුණ ගැනීමට මෙන්ම අපනයන ක්ෂේත‍්‍රය තුළද විශාල ප‍්‍රගතියක් අත්කර ගැනීමට මේ වනවිට සමත්ව තිබේ. එම නව්‍ය නිෂ්පාදන අතරට එක් වූ නව නිෂ්පාදනය වන රම්බා ජාත්‍යන්තර වෙළඳපොල දක්වා ව්‍යාප්ත කිරීම සමාගමේ අපේක්ෂාවයි.