SLBO Home About Us | To Advertise | Contact Us
Thu, 18 Apr 2024   23:25:33
මයික්‍රොමැක්ස් සේවාස්ථානයක්:
08 Feb 2013 22:27:07
මයික්‍රොමැක්ස් අත්දැකීම් විඳගැනීමට නව සේවා සැපයුම් මධ්‍යස්ථානයක්


නවම් 08, 2013 (SLBO) - මයික්‍රොමැක්ස් ශී‍්‍ර ලංකා සමාගම සිය සේවාවන් තවදුරටත් පුළුල් කරමින් පාරිභෝගිකයාට වඩාත් සමීපවීමේ අරමුණ සහිතව සිය නව සේවා මධ්‍යස්ථානයක් කොළඹ මැජෙස්ටික්සිටි වෙළෙඳ සංකීර්ණයේදී විවෘත කරයි. පුළුල් පරාසයක විහිදුණු මෙන්ම නව්‍ය අත්දැකීම් නිරතුරුවම ලබාදෙන සිය ජංගම දුරකථන හා උපාංග භාවිතා කරන පාරිභෝගිකයින් වෙත ලබාදෙන සේවාව තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිව මයික්‍රොමැක්ස් ශී‍්‍ර ලංකා සමාගම මෙම නව ප‍්‍රදර්ශනාගාරය සහිත සේවා සැපයුම් මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

එම මධ්‍යස්ථානය පසුගියදා විවෘත කරනු ලැබුවේ මෙට්‍රොපොලිටන් ආයතනයේ සභාපති ජේ.ජේ. අම්බානි මහතාගේ ප‍්‍රධානත්වයෙනි. මයික්‍රොමැක්ස් සමාගමේ මෙරට කළමණාකරු සංජීව් ආරියරත්නම් මහතා ඇතුළු මෙට‍්‍රාපොලිටන් ආයතනයේ අධ්‍යක්ෂවරුන් රැසක් එම අවස්ථාවට සහභාගි විය.

මයික්‍රොමැක්ස් පිළිබදව - ඉන්දියාවේ පවතින විශාලතම ජංගම දුරකථන නිෂ්පාදන සමාගම වන මයික්‍රොමැක්ස් ලොව 12වැනි විශාලතම ජංගම දුරකථන නිෂ්පාදන සමාගමයි. මිලට සාපේක්ෂව සුවිශේෂ නව්‍යකරණ ජංගම දුරකථන හදුන්වාදෙන සමාගමක් ලෙස මයික්‍රොමැක්ස් ලොව ඉහලින්ම පිළිගන්නා අතර එහි අලෙවිය සමස්ථ ඉන්දියාවපුරා මෙන්ම හොංකොං, බංග්ලාදේශය, නේපාලය, ශී‍්‍ර ලංකාව, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට්, කටාර්, ඕමානය, ඇෆ්ගනිස්ථානය හා බ‍්‍රසීලයේ විහිදී පවතියි. මයික්‍රොමැක්ස් සමාගමේ කාර්යාල ඉන්දියාවපුරා සහ හොංකොං, බංග්ලාදේශය, නේපාලය, ශී‍්‍ර ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කි‍්‍රයාත්මක වෙමින් පවතියි.