SLBO Home About Us | To Advertise | Contact Us
Wed, 24 Apr 2024   07:23:20
නව වර්ණ:
08 Feb 2013 22:05:57
ඒෂියන් පේන්ට්ස් 'Colour Spectra 1800' එළි දකී


නවම් 08, 2013 (SLBO) - නව වර්ණ කෘතියක් එළි දක්වමින් ඒෂියන් පේන්ට්ස් සමාගම නෙත් සිත් පැහැර ගන්නා සිය වර්ණ රටා නව මානයකට ගෙන ගොස් තිබෙන අතර මෙම නව වර්ණ කෘතිය දිවයින පුරා පිහිටි තෝරාගත් වෙළඳ නියෝජිතයින්ගෙන් ලබාගත හැකිය.

'Colour Spectra 1800' යනුවෙන් නම්කර තිබෙන අතින් පෙරළා වර්ණ තෝරාගත හැකි මෙම නව වර්ණ කෘතිය මගින් එහි නමේ සඳහන් ආකාරයටම ඒෂියන් පේන්ට්ස් සමාගම නිපදවන තීන්ත සන්නාම හතරක වර්ණ රටා 1800 ක් තෝරා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලබාදී තිබේ.

සමාගම පවසන්නේ මෙම එළි දැක්වීම තීන්තවල ක‍්‍රියාකාරීත්ව ගුණාංගවලින් ඔබ්බට බැලීමට පාරිභෝගිකයින් ධෛර්යමත් කිරීමේ උත්සාහයේ කොටසක් බවත් නව වර්ණ කෘතිය මගින් විවිධ වූ වර්ණ තෝරා ගැනීමට පාරිභෝගිකයා තුළ ආත්ම විශ්වාසය ගොඩනැගීමට අදහස් කරන බවයි.

"තීන්ත තෝරා ගැනීමේදී කල් පවත්නා බව, පාරාන්ධතාවය සහ ආලේප කළ හැකි වපසරිය වැනි දෑ තවමත් වැදගත් සාධක ලෙස තිබෙනවා. නමුත්, තමන්ටම හරියටම ගැලපෙන වර්ණ තෝරා ගැනීමට තිබෙන හැකියාව සෑම පුද්ගලයෙකුටම එක සේ වැදගත් කාරණාවක්." යැයි ඒෂියන් පේන්ට්ස් (ලංකා) ලිමිටඞ්, අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරී ජෝසෆ් එල්. පුලිකොට්ටිල් මහතා පැවසීය. "අදහාගත නොහැකි තරමේ විවිධ වූ විකල්ප වර්ණ මාලාවක් අප සතුව තිබෙන නිසා, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි තීන්ත තෝරා ගැනීම පහසු කිරීම අපගේ අරමුණයි. Spectra 1800 වර්ණ කෘතිය නිපදවා ඇත්තේ ඒ නිසයි."

නව වර්ණ කෘතිය තුළින් ඒෂියන් පේන්ට්ස් සමාගමේ 'Royale,' 'Classique,' 'Apex Ultima' සහ 'Apex' යන තීන්ත සන්නාම හතරට අයත් මන බඳිනා වර්ණ තෝරා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමිවේ. වර්ණ තෝරා ගැනීමේ පහසුව තවත් වැඩි කරමින් මෙම වර්ණ කෘතිය තුළ ඇතුළත් වර්ණ Pastels, Accents සහ Melange යන කාණ්ඩ තුන යටතේ බෙදා දක්වා ඇත. මීට අමතරව, එහි ඇතුළත් සියළුම වර්ණවල නම් සහ ඒවා තිබෙන පිටුව දැක්වෙන සඳහනක්ද වර්ණවල නාමය සහ කේතයද වර්ණ දැක්වෙන කුඩා තීරුවේද සඳහන් කර තිබෙන්නේ පාරිභෝගිකයාගේ පහසුව සඳහායි.

"පෙර පරීක්ෂාවට ලක්කර තිබෙන වර්ණ සංයෝජන තුළින් තෝරා ගැනීම් කිරීමට ද අපි පාරිභෝගිකයින්ට අවස්ථාව දී තිබෙනවා. ඒ වගේම, වර්ණ තෝරා ගැනීම පාරිභෝගිකයින්ට වඩාත් පහසු කිරීමට අපගේ වෙළඳ නියෝජිත ජාලය දියුණු කිරීමේ කටයුතුද මේ වනවිට කරමින් තිබෙනවා." යනුවෙන් පුලිකොට්ටිල් මහතා සඳහන් කළේය. "'වර්ණ යනු නිෂ්පාදනයකට වඩා අදහසක්' යන සංකල්පය මත ගොඩ නැගුණු 'Colour Ideas' නමින් සන්නාමගත කර තිබෙන නව සිල්ලර තීන්ත අලෙවි සැල් කිිහිපයක් විවෘත කිරීම අප ආරම්භ කර තිබෙනවා"

ඒෂියන් පේන්ට්ස් ලංකා සමාගම විසින් දේශීය වෙළඳපොළට නොයෙකුත් වර්ණ තෝරා ගැනීමේ මෙවලම් හඳුන්වා දී තිබේ. 2011 වසරේදී සමාගම විසින් 'රොයාල් කොම්බිනේෂන් ගයිඩ්' මාර්ගෝපදේශය එළි දැක්වූ අතර එය තනි වර්ණ වෙනුවට විවිධ වර්ණ සංයෝජන ඇතුළත් කර මෙරට එළි දැක්වූ පළමු වර්ණ ගැලපුම් මාර්ගෝපදේශය විය. මෙයට පසුව 2012 වසරේදී සමාගම විසින් බාහිර වර්ණ ගැලපුම් මාර්ගෝපදේශයක් එළි දක්වනු ලැබීය.