SLBO Home About Us | To Advertise | Contact Us
Thu, 28 Mar 2024   05:38:31
පෙර සූදානම :
06 Feb 2013 14:43:17
2013 වාර්ෂික සයිබර් ප්‍රහාර පෙරහුරුව පැවැත්වෙයි


නවම් 06, 2013 (SLBO) - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 ක සහභාගිත්වයෙන් ආසියා පැසිෆික් කලාපීය පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ 2013 වාර්ෂික සයිබර් ප්‍රහාර පෙරහුරුව පසුගියදා පැවැත්විණි.

අන්තර්ජාලය හරහා පැමිණිය හැකි විශාල ප්‍රමාණයේ සේවා බිද වැට්ටීම් වලින් ආරක්‍ෂා වන්නේ කෙසේද යන්න පිලිබඳව දැනුවත් වීම මෙවර පෙරහුරුවේ අරමුණ විය.

ශ්‍රී ලංකාව, චීනය, ඉදුනීසියාව, සිංගප්පුරුව, ජපානය, මැලේසියාව, හොංකොං, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, තායිලන්තය, බෘනායි, තායිපේ, ඉන්දියාව, මැකාති, මියන්මාරය, කොරියාව ඇතුලු රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් 22 ක් මේ සදහා සහභාගි විය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා සර්ට් ආයතන‍ය මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

ඉහත රටවල් නියෝජනය කරන ලද කණ්ඩායම් සිය රටවල සිටම අන්තර්ජාලය ඔස්සේ මේ සදහා සහභාගි වු අතර මෙවර පෙරහුරුව පවත්වන ලද්දේ හයවන වරටය.