SLBO Home About Us | To Advertise | Contact Us
Thu, 25 Apr 2024   16:20:08
ව්‍යාපාර සහයෝගිතාවක්:
10 Jan 2013 05:57:12
මොබිටෙල් ආයතනය, MyDeal.lk සමඟ ව්‍යාපාර සහයෝගිතාවකට එළැඹේ


දුරුතු 10, 2013 (SLBO) - ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සිය පාරිභෝගිකයන්ට සපයන සේවා පුළුල් කිරීමේ තවත් එක් පියවරක් ලෙස භාණ්ඩ හා සේවා සඳහා දෛනිකව ගනුදෙනු සිදුකෙරෙන වෙබ් අඩවියක් වන MyDeal.lk සමඟ ව්‍යාපාර සහයෝගිතාවකට එළැඹ සිටියි. MyDeal.lk වෙත තව තවත් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමේ අරමුණෙන් යුතුව, නවීන තාක්ෂණය මෙන්ම වෙළෙඳකරණය ආශි‍්‍රතව තමන් ප‍්‍රගුණ කර සිටින විශේෂඥතාව ඇසුරෙන් MyDeal.lk වෙත සහයෝගය දැක්වීම මොබිටෙල් හි අපේක්ෂාවයි.

අන්තර්ජාලය වෙත පිවිසීම සඳහා ජනපි‍්‍රය මාධ්‍යක් ලෙස ස්මාට් ෆොන්, ටැබ්ලට් පරිගණක හා ෆැබ්ලට් භාවිතයේ නව ප‍්‍රවණතාවත් සමඟ මෙම විද්‍යුත් වානිජ වෙබ් අඩවි ජනතාව අතර වඩාත් ප‍්‍රචලිත වීම සිදුවිය. MyDeal.lk යනු Facebook වැනි සමාජ මාධ්‍ය (Social Media) මගින් ගනුදෙනුකරුවන් රැසක් තමන් වෙත ආකර්ෂණය කරගෙන සිටින, විද්‍යුත් වානිජ වෙබ් අඩවි (e-commerce web sites) ක්ෂේත‍්‍රයේ කි‍්‍රයාකාරී මෙන්ම නියමු කාර්ය භාරයක් ඉටුකරන ප‍්‍රමුඛ පෙළේ විද්‍යුත් වානිජ වෙබ් අඩවියකි.

මොබිටෙල් හි සේවාවන් අතරට එකතුවන මෙම නවතම සේවාව පිළිබඳ අදහස් දක්වන මොබිටෙල් ආයතනයේ අලෙවිකරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යධිකාරි නලීන් පෙරේරා මහතා මෙසේ පැවසීය, "MyDeal.lk වැනි දේශීය සමාගමක් සමඟ සහයෝගීතාවකට එළැඹීමට ලැබීම අපට සතුටට කරුණක්. මොබිටෙල් ආයතනය සතු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත‍්‍රයට අදාළ විශේෂඥ දැනුමත්, විදුලි සංදේශ හා අන්තර්ජාල යටිතල තුළින් MyDeal.lk සඳහා සිය දෛනික ගනුදෙනු ප‍්‍රමාණය වැඩිකර ගත හැකි වේවි කියා මොබිටෙල් අපි විශ්වාස කරනවා වගේම මොබිටෙල් ආයතනයේ මැදිහත්වීම තුළින් විද්‍යුත් වානිජ වෙබ් අඩවි ක්ෂේත‍්‍රයෙහි දැනට පවත්නා තරඟකාරීත්වය තවත් වැඩි වී එම ක්ෂේත‍්‍රයේ ඉහළම වර්ධනයක් ඇතිවේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. MyDeal.lk සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් අපගේ නවතම තාක්ෂණය උපයෝගී කොට ගනිමින් පාරිභෝගික වුවමනා සපුරාලීමටත් මෙරට විද්‍යුත් වානිජ කටයුතු සඳහා පවතින තාක්ෂණික යටිතලය දියුණුකරමින් ඔවුනට සහයෝගය සැපයීමටත් මොබිටෙල් ආයතනය කටයුතු කරමින් සිටිනවා."

MyDeal.lk හි ප‍්‍රධාන විධායක නිලධාරි කුමාර් මෙල්වානි මහතා මොබිටෙල් ආයතනය සමඟ ඔවුන් ඇතිකර ගත් සහයෝගිතාව පිළිබඳ සිය අදහස් මෙසේ පළ කළේය, "මේ වන තුරු MyDeal.lk වෙබ් අඩවියේ ගණුදෙනු සිදුකිරීම අන්තර්ජාලය භාවිත කරන්නන්ට පමණක් සීමා වී තිබෙනවා. මොබිටෙල් ආයතනය සමඟ ඇතිකරගත් සහයෝගිතාව සමඟ ඔවුන්ගෙන් අපට ලැබෙන නව තාක්ෂණික දැනුමත් නව අත්දැකීම් ද තුළින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට අපට හැකියාව ලැබෙනවා. අන්තර්ජාලය තුළින් ගනුදෙනු සිදුකිරීම (Online Shopping) ශ්‍රී ලංකාව තුළ සාපේක්ෂව නව සංකල්පයක්. මෙම සංකල්පය වෙත තිබෙන්නා වූ ධනාත්මක ප‍්‍රවණතාවය හේතුවෙන් ලාභදායි වෙළෙද පොළක් ද නිර්මාණය වෙමින් තිබෙනවා. MyDeal.lk ආරම්භ කර කෙටි කාලයක් තුළ 90,000 ක facebook රසිකයන් පිරිසක් අපට එකතු කර ගැනීමට හැකියාව ලැබුණා. සමාජ වෙබ් අඩවි (Social Media Sites) වෙතින් අපගේ සන්නාමයට බොහොමයක් පාරිභෝගික අදහස් එකතු කර තිබුණා. සැබවින්ම මෙම ව්‍යාපාරය, දියුණුවීම සදහා අවශ්‍ය කෙරෙන සුවිශේෂි විභවතාවකින් යුක්ත වෙනවා."

ශ්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රගමනයට උත්පේ‍්‍රරකයක් සපයන තොරතුරු හා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා මොබිටෙල් ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 400 ක පමණ දැවැන්ත ආයෝජනයක් පසුගිය දශකය තුළ සිදුකර ඇත. LTE තාක්ෂණයෙන් සමන්විත සම්පේ‍්‍රෂණාගාර 1000 ක් පමණ මොබිටෙල් ආයතනය සතු වන අතර එය ලෝකයේ සමහරක් සංවර්ධිත රටවල් වල පවත්නා විදුලි සංදේශ යටිතල පහසුකම් වල තත්වය ද අභිබවා යයි. මෙසේ සිදුකරන්නා වූ ආයෝජන තුළින් සිය පාරිභෝගිකයන් වෙත උසස් ප‍්‍රමිතියෙන් යුතු සේවාවක් සැපයීම මොබිටෙල්හි ඒකායන අභිප‍්‍රායයි.